ඩීමෝ ටාටා රථ සහ කෘෂි යන්ත්‍රෝපකරණ ප‍්‍රවර්ධනය කිරීමට HNB, DIMO සමඟ ඇති හවුල්කාරීත්වය තවත් පුළුල් කරයි

    August, 18, 2020

    ඩීමෝ TATA රථ සහ කෘෂි යන්ත්‍රෝපකරණ වර්ග සඳහා ගනුදෙනුකරුවන්ට ආකර්ෂණීය ප‍්‍රතිලාභ ඇතුළුව පහසු ලීසිං විසඳුම් ලබා දීමට ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව ඞීමෝ සමඟ සිය දිගුකාලීන හවුල්කාරීත්වය තවත් පුළුල් කරන බව නිවේදනය කර ඇත.

    HNB පාරිභෝගික සහ සුළු හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීල සන්ජේ විජේමාන්න මහතා සහ ඞීමෝ හි සමූහ ප‍්‍රධාන විධායක නිළධාරී, ගහනාත් පණ්ඩිතගේ යන මහත්වරු මෙම හවුල්කාරීත්වය ශක්තිමත් කිරීම සඳහා පැවති උත්සවයට සහභාගී වූහ.

    ‘‘අපගේ නවතම පරිසර හිතකාමී TATA Euro4 වර්ගයේ රථ කාර්යක්ෂම සහ කල්පවත්නා ප‍්‍රවාහන විසඳුම් ලබා දෙනවා. අපගේ ගනුදෙනුකාරභවතුන්ට මෙම හවුල්කාරීත්වය තුළින්  TATA රථ සහ කෘෂි යන්ත්‍රෝපකරණ සඳහා නම්‍යශීලී සහ ඒ ඒ පාරිභෝගිකයාට උචිත පරිදි ලීසිං විසඳුමක් භුක්ති විඳීමට ඉඩ සලසනු ඇති බව අපට විශ්වාසයි,’’ යනුවෙන් ඞීමෝ හි සමූහ ප‍්‍රධාන විධායක නිළධාරී, ගහනාත් පණ්ඩිතගේ මහතා පැවසුවේය.

    ‘‘අපගේ විශ්වාසදායී ගනුදෙනුකාර පදනමට අසමසම වට්ටම් සහ විවිධාකාරයේ විශේෂ ප‍්‍රතිලාභ ලබා දීම සඳහා ඞීමෝ සමඟ ඇති හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත් කිරීම ගැන අප ඉතා සතුටු වනවා. අපගේ ගනුදෙනුකාරභවතුන්ගේ සුවිශේෂී අවශ්‍යතා සපුරාලීම සඳහා ඒ ඒ පාරිභෝගිකයාට උචිත පරිදි නම්‍යශීලී හා නව්‍ය ලීසීං විසඳුම්, මේ ආකාරයේ හවුල්කාරීත්වයන් තුළින්, අපට ලබා දිය හැකි වනවා සේම ඔවුන්ගේ ව්‍යාපාර ඉහළට ඔසවා තැබීමේ ඔවුන් දකින සිහිනය සැබෑ කර ගැනීමට ද අපට උපකාර කළ හැකියි,’’ යනුවෙන් HNB පාරිභෝගික සහ සුළු හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සන්ජේ විජේමාන්න මහතා පැවසුවේය.

    එක් එක් ගනුදෙනුකරුවන්ගේ ආදායමට හා වියදමට සරිලන පරිදි සකස් කළ ආකර්ෂණීය ලීසිං පැකේජ ඇතුළුව අඩු පොළී අනුපාතල ඒ ඒ පාරිභෝගිකයාට උචිත පරිදි ලීසීං පහසුකම් ආදී ප‍්‍රතිලාභ රුසක් මෙම හවුල්කාරීත්වය මගින් HNB ගනුදෙනුකාරභවතුන්ට ලබා දෙනු ඇති අතර අද්විතීය වගකීම් කාල සීමාවන් සමඟ විවිධ වාහන හා කෘෂි යන්ත්‍රෝපකරණ සඳහා ඞීමෝ විසින් ද විශේෂ වට්ටම් ලබා දෙනු ඇත.

    එමෙන්ම, නව ලීසිං ගනුදෙනුකාරභවතුන්ට මෝටර් රථ නිෂ්පාදන, සර්විස් කිරීමේ සේවා, අමතර කොටස්, ටයර් සහ බැටරි සඳහා විශේෂ වට්ටම් ලබා ගත හැකි HNB Prestige Prime ණයපතක් ලබා දෙනු ඇත. මෙම ණයපත පළමු වසරේ වාර්ෂික ගාස්තුවෙන් නිදහස් කර ඇත.

    ඞීමෝ විසින් HNB ගනුදෙනුකරුවන්ට Mahindra රොටවෙටර් සඳහා රුපියල් 50,000ක විශේෂ වට්ටමක් ද සැහැල්ලූ වාහන, මධ්‍යම ප‍්‍රමාණයේ හා බර ට‍්‍රක් රථ, ටිපර් රථ සහ prime movers සඳහා රුපියල් 10,000ක වට්ටමක් ද ලබා දෙනු ඇත. එමෙන්ම, Swaraj ට‍්‍රැක්ටර් සඳහා ලියාපදිංචිය නොමිලේ වන අතර Mahindra ට‍්‍රැක්ටර් ලියාපදිංචි කිරීමේදී 50%ක දායකත්වයක් ද ලබා දෙනු ඇත.

    මීට අමතරව, HNB ගනුදෙනුකරුවන්ට CLAAS හාවෙස්ටර් යන්ත‍්‍ර සඳහා වසර තුනක පූර්ණ වගකීමක් සහ LOVOL හාවෙස්ටර් යන්ත‍්‍ර සඳහා වසරක පූර්ණ වගකීමක් ලබා දෙනු ඇත. තවද, Mahindra Compact 4 WD සඳහා රුපියල් 30,000ක වටිනාකමින් යුත් අමතර ඉදිරිපස ටයර් කට්ටලයක් ද ඞීමෝ විසින් ලබා දෙනු ඇත.

    පැය 24 පුරා ක‍්‍රියාත්මක මාර්ගස්ථ උපකාරක සේවාවට අමතරව විශිෂ්ට අලෙවියෙන් පසු සේවාවක් හා සැබෑ අමතර කොටස් ඞීමෝ විසින් TATA පාරිභෝගිකයින්ට ලබා දෙයි. මීට අමතරව, අස්වනු කාලය සඳහා ගොවි ප‍්‍රජාවගේ ට‍්‍රැක්ටර් සර්විස් කිරීමට අවස්ථාව ලබා දෙමින් වසරකට දෙවරක් දිවයින පුරා Mahindra ට‍්‍රැක්ටර් සේවා කඳවුරු නොමිලේ පවත්වයි.

    දිවයින පුරා පිහිටි තෝරා ගත් ඞීමෝ TATA ප‍්‍රදර්ශනාගාරවල විශේෂ ලීසීං ප‍්‍රවර්ධනයන් සංවිධානය කරන අතරම TATA වාහනයක් තෝරා ගත් HNB පාරිභෝගික සේවා මධ්‍යස්ථානවල ප‍්‍රදර්ශනය සඳහා තැබෙනු ඇත. මෙම ලීසිං ප‍්‍රවර්ධනය පිළිබඳ වැඩි විස්තර දිවයින පුරා පිහිටි HNB පාරිභෝගික සේවා මධ්‍යස්ථානවලින් හෝ ඞීමෝ ප‍්‍රදර්ශනාගාරවලින් හෝ 011-2462462 HNB හෝ 011-2449711 ඞීමෝ ඇමතීමෙන් ලබා ගත හැකිය.

    HNB හි පාරිභෝගික සහ සුළු හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී, සන්ජේ විජේමාන්න සහ ඞීමෝ හි සමූහ ප‍්‍රධාන විධායක නිළධාරී, ගහනාත් පණ්ඩිතගේ යන මහත්වරු අදාල සහයෝගීතාවය හුවමරු කරගනිමින්. HNB සහ ඞීමෝ සමාගම් නියෝජනය කරමින් පැමිණි නිලධාරී පිරිසක් ද ඡායාරූපයේ වෙති.