Daraz Fashion Week සමග හැඩවැඩ වෙන්න

    August, 24, 2020

    ශ්‍රී ලංකාවේ විශාලතම අන්තර්ජාලගත අලෙවි අවකාශය වන Daraz, ආකර්ෂර්‍ණය වට්ටම් රැසක් සමග Daraz Fashion Week හඳුන්වාදෙයි. ප‍්‍රධාන අනුග‍්‍රාහකත්වය ලබාදෙන Emerald විලාසිතා ඇතුළුව ශ්‍රී ලාංකීය විලාසිතාලෝලීන්ගේ ප‍්‍රියතම සන්නාමයන් රැසක් 2020 අගෝස්තු මස 25 වැනිදා සිට 31 වැනිදා දක්වා පැවැත්වෙන Daraz Fashion Week වෙතින් මිලදීගැනීමේ අවස්ථාව ඒ අනුව ඔබට හිමිවේ.

    රුපියල් මිලියනයකට වැඩි වටිනාකමකින් යුතු mega deals සහ විශේෂ වට්ටම් මෙන්ම දීප ව්‍යාප්ත නොමිලේ බෙදාහැරීමේ සේවාවද (free shipping) සමග ක‍්‍රියාත්මක Daraz Fashion Week වෙතින්, කාන්තා සහ පිරිමි ඇඳුම් ආයිත්තම් විලාසිතා රැසක් සමග ආභරණ, බෑග්, පාවහන්, අත් ඔරලෝසු, සන්ග්ලාස් යනාදී විලාසිතා සපිරි දිවියකට අවැසි භාණ්ඩ රැසක් මිලදී ගත හැකිය.

    ශ්‍රී ලාංකිකයන් ප‍්‍රියකරන ප‍්‍රමුඛ පෙළ විලාසිතා සන්නාම 25 ක් සඳහා 25% ක ඇදහිය නොහැකි ආකර්ෂර්‍ණය වට්ටමක් Daraz Fashion Week ගනුදෙනුකාරභවතුන්ට හිමිවේ. එමෙන්ම Emerald, Signature, Vantage, LICC, Avirate, Dilly & Carlo සහ P. G. Martin සන්නාමයන්ගේ මිලදීගැනීම් ඉලක්ක කොට ක‍්‍රියාත්මක වන “One-rupee game” විනෝද ක‍්‍රීඩාව සමග රුපියල් 7500 ක් වටිනා ත්‍යාග වවුචර්පත් දිනාගැනීමේ අවස්ථාවද ගනුදෙනුකාරභවතුන්ට හිමිවීම විශේෂත්වයකි. තවද LICC, Emerald සහ MIIKA සන්නාම විසින් පාරිභෝගිකයන්ට නොපෙනෙන ලෙස සැඟවූ ස්ථාවර මිලගණන් සඳහා ගනුදෙනුකාරභවතුන් විසින් අනුමාන කරන මිලගණන් ඉදිරිපත් කිරීමේ තරග ඉසව්වක්ද ක‍්‍රියාත්මක වන අතර ජයග‍්‍රාහකයන්ට වටිනා ත්‍යාග පාර්සල් තිළිණ කරන්නටද කටයුතු යොදා තිබේ.

    Daraz Mall ඵ්කක සමග හොඳම නිෂ්පාදන පෙළක්, කඩිනම් බෙදාහැරීමේ සේවාව සහ දින 14 ක් දක්වා දීර්ඝ කළ නැවත භාරදීමේ ක‍්‍රමවේදයක් Daraz Fashion Week හීදී ක‍්‍රියාත්මක වේ. Daraz Fashion Week ප්ලැටිනම් සහකරුවා ලෙස Emerald, ස්වර්ණමය සහකරුවන් ලෙස LICC, P. G. Martin, Signature සහ Giordano" රිදී සහකරුවන් ලෙස Zara Garments, MIIKA, Avirate, Vantage, Trendy Clothing සහ Zanzea යන සුප‍්‍රකට වෙළෙඳ නාම එක්වෙති.

    ගනුදෙනුකරුවන්ගේ පහසුව සලසාලමින් Daraz Fashion Week බැංකු සහකරුවන් ලෙස ඉදිරිපත්ව සිටින කමර්ෂල් බැංකුව, සම්පත් බැංකුව, HSBC, සෙලාන් බැංකුව, යුනියන් බැංකුව, DFCC බැංකුව, ලංකා බැංකුව, කාගිල්ස් බැංකුව, NDB බැංකු ක්‍රෙඩිට් කාඞ්පත් හා FRIMI භාවිතා කරමින් සිදුකරන මිලදී ගැනීම් සඳහා 10% වට්ටමක් ද, තවත් විශේෂ වට්ටමක් ලෙස මාස්ටර් කාඞ් හිමිකරුවන් වෙත 12% වට්ටමක්ද පිරිනැමේ.

    ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන් හට අතැඟිලි තුඩු අගින් නිවසේ සිටම සුවපහසුව විඳිමින් සුරක්ෂිත අන්තර්ජාල සාප්පු සවාරියක නිරත වීම සඳහා Daraz Mobile App ද භාවිතා කළ හැකිය. ඔබේ වට්ටම් හා දීමනා දැන්ම වෙන්කරවා ගන්න පිවිසෙන්න https://bit.ly/3aIIOZG