August, 10, 2015
චීනයට මෙරට කෙසෙල් අපනයනය කිරීම ප්රවර්ධනය කිරීම වෙනුවෙන් චීනය සහ ශ්රී ලංකාව අතර ගිවිසුමක් අත්සන් කිරීමට සූදානම් වේ.
චීනය සමග වෙළඳ සම්බන්ධතා පුළුල් කරගැනීම තුළින් කෙසෙල් අපනයනය කිරීමට හොඳ අවස්ථාවක් තිබෙන බව රජය සඳහන් කර තිබේ.
මේ සඳහා දෙරටේම ශාක ස්වස්ථතා නීති හා රෙගුලාසි වලට එකඟ වෙමින් චීනයට කෙසෙල් අපනයනය කිරීමටත් කෙසෙල් වගා සහ ඇසුරුම් ස්ථාන පිළිබඳ තොරතුරු ලබාදීමටත් හැකිවන පරිදි චීනයේ ගුණාත්මක සුපරීක්ෂණය, විමර්ශනය සහ නිරෝධායනය, පිළිබඳ පොදු පරිපාලනායතනය සමග ගිවිසුමකට එළඹීමට රජය සූදානම් වේ.
Video Story