September, 3, 2020
නිව් හොලන්ඞ් ට‍්‍රැක්ටර් රථ මිලදීගැනීමේදී ගොවීන්ට අඩුම මාසික ලීසිං වාරික සහ අනිකුත් ප‍්‍රතිලාභ ලබාදීම සඳහා කොමර්ෂල් බැංකුව සහ ඇසෝසියේටඞ් මෝටර්වේස් (ප‍්‍රයිවට්) ලිමිටඞ් (AMW) සමාගම ‘ඇග‍්‍රි ලීස්’ ප‍්‍රවර්ධනයක් ආරම්භ කර තිබේ.
කෘෂි කාර්මික කටයුතු කරන බැංකුවේ ගනුදෙනුකරුවන් වෙනුවෙන් විශේෂයෙන්ම නිර්මාණය කළ මෙම ප‍්‍රවර්ධන වැඩසටහන 2020 නොවැම්බර් 30 වනදා දක්වා ක‍්‍රියාත්මක වන බව බැංකුව සඳහන් කරයි. මෙම ප‍්‍රවර්ධන වැඩසටහන යටතේ ට‍්‍රැක්ටර් මිලදී ගැනීමේදී අඩුම වාරික අනුපාත ලබාදීමට අමතරව, ‘ඇග‍්‍රි ලීසිං’ ගනුදෙනුකරුවන්ට තවත් අමතර අගය එකතු කිරීම් සහ ප‍්‍රතිලාභ ලබාදෙන බව බැංකුව පවසයි.
මීට අමතරව, ගනුදෙනුකරුවන්ගේ ආදායම් රටාවට අනුව ඔවුන්ට ගැලපෙන ලෙස නම්‍යශීලී නැවත ගෙවීමේ සැලසුම් ලබාදීමටත් මෙහිදී බැංකුව කටයුතු කරයි. මේ අනුව, බැංකුව සඳහන් කරන්නේ මෙම අවස්ථාව ලබාගැනීමට කැමති පාර්ශවයන්ට කොමර්ෂල් බැංකුවේ ඕනෑම ශාඛාවකට හෝ AMW ප‍්‍රදර්ශනාගාරයකට පැමිණ මෙම ලීසිං පහසුකම ලබාගත හැකි බවයි.
ඉතාමත් පහසු ක‍්‍රමවේදයක් යටතේ ගොවීන්ට ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ කෘෂි උපකරණ මිලදීගැනීමට මූල්‍ය සහයෝගය ලබාදීම සඳහා මෙම ප‍්‍රවර්ධන වැඩසටහන ආරම්භ කළ බව ද බැංකුව පවසයි. මෙම ප‍්‍රවර්ධන වැඩසටහන කොමර්ෂල් බැංකුවේ කෘෂි සහ ක්ෂුද්‍ර මූල්‍යයන නිළධාරීන් සහ AMW සමාගමේ අලෙවි කණ්ඩායම එක්ව කෘෂි කාර්මික ප‍්‍රදේශවල සිදුකරයි.
‘නිව් හොලන්ඞ්’ කෘෂි කාර්මික සන්නාමය කෘෂි කාර්මික ක්ෂේත‍්‍රයේ කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීම වෙනුවෙන් සහ පහසු තාක්ෂණයන් භාවිතා කරමින් ඵලදායීතාවය නැංවීම සඳහා ජාත්‍යන්තර කීර්තියක් දිනාගෙන තිබේ. ‘නිව් හොලන්ඞ්’ විසින් භාවිතා කිරීමට ඉතාමත් පහසු ට‍්‍රැක්ටර්, හාවෙස්ටර්, ද්‍රව්‍ය හැසිරවීමේ සහ සීඩින් උපකරණ ඇතුළත් නිෂ්පාදන 100 කට අධික ප‍්‍රමාණයක මාදිලි 400 කට වැඩි ගණනක් ගෝලීයව ඉදිරිපත් කරයි.
ටයර් නැවත පිරවීමේ කර්මාන්තයේ මෙරට පුරෝගාමියෙකු ලෙස 1949 වසරේදී පිහිටවූ ඇසෝසියේටඞ් මෝටර්වේස් ප‍්‍රයිවට් ලිමිටඞ් සමාගම මේ වනවිට දේශීය ඔටෝමොබයිල් ක්ෂේත‍්‍රයේ කීර්තිමත් සමාගමක් වන අතර ජාත්‍යන්තර කීර්තියක් දිනාගත් සන්නාම යටතේ මෝටර් රථ, ට‍්‍රක්රථ සහ බස්රථ, ත‍්‍රී රෝද රථ සහ යතුරු පැදි මෙරට වෙළඳපොළේ අලෙවි කරයි. සමාගම ‘නිව් හොලන්ඞ් ෆියට් ඉන්ඩියා’ සමග ඒකාබද්ධ වීමෙන් පසුව මෙරට වෙළඳපොළේ කෘෂි කාර්මික කටයුතු සහ භාණ්ඩ ප‍්‍රවාහනය ඇතුළු විවිධ කටයුතු සඳහා භාවිතා කරන ‘නිව් හොලන්ඞ්’ ට‍්‍රැක්ටර් මෙරට වෙළෙඳපොළේ අලෙවි කරයි.
ලෝකයේ හොඳම බැංකු 1000 අතරට නම් වූ ප‍්‍රථම දේශීය බැංකුව සහ පිට පිටම දස වතාවක් එසේ නම් වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන කොමර්ෂල් බැංකුව 2020 වසරේදී සියවස සමරයි. කොමර්ෂල් බැංකුව මෙරට බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 873 ක් පවත්වාගෙන යයි. බැංකුව 2019 වසරේදී ජාත්‍යන්තර සහ දේශීය සම්මාන 50 කට වැඩි ප‍්‍රමාණයක් දිනා ගැනීමට සමත්ව තිබේ.
බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් සහ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව කොමර්ෂල් බැංකුව වේ.
සේයාරු සටහන - කොමර්ෂල් බැංකුවේ ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරී, සනත් මනතුංග මහතා (මැද) සහ ඇසෝසියේටඞ් මෝටර්වේස් (ප‍්‍රයිවට්) ලිමිටඞ් හි කළමණාකාර අධ්‍යක්ෂක බ‍්‍රැන්ඩන් මොරිස් මහතා ගිවිසුම හුවමාරු කර ගනී. මෙම අවස්ථාවට (වමේ සිට) AMW හි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - CNH අලෙවිකරණ සුසන්ත පි‍්‍රයලාල් මහතා, නීති කටයුතු පිළිබඳ ප‍්‍රධානී රුවිනි වීරසිංහ මහත්මිය, වාණිජ රථ වාහන සහ රෙනෝ හි අධ්‍යක්ෂ චමින්ද පෙරේරා මහතා සහ කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - අලෙවිකරණ හස්රත් මුණසිංහ මහතා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - පුද්ගලික බැංකු කටයුතු සැන්ඩ‍්‍රා වල්ගම මහත්මිය, රිටේල් ප්‍රොඩක්ට් අංශයේ, ජ්‍යෙෂ්ඨ කළමනාකරු, දුෂ්මන්ත ජයසූරිය මහතා සහ රිටේල් ප්‍රොඩක්ට් අංශයේ කළමනාකරු චන්දන අබේසුන්දර මහතාද සහභාගී විය.