September, 7, 2020
ශ‍්‍රී ලංකාවේ දේපළ වෙළඳාමේ පුරෝගාමියා වූ ප‍්‍රයිම් සමූහය, සිය අද්විතීය සළකුණ සනිටුහන් කරන “Prime Grand – Ward Place” අති සුඛෝපභොගී Condominium ව්‍යාපෘතියේ මීටර් 160 ක :අඩි 524* උසින් පිහිටි 37 වන මහළ පසුගිය 21 වන දා සුවිශේෂී සන්ධ්‍යාවක් වෙනුවෙන් විවර කළා.
කොළඹ නගරයට බටහිරින් ඉන්දීය සයුර හා අහස එක්වන ක්ෂිතිජයෙන් සැඳෑ හිරු බැස යන අපූර්වත්වය සජීවීව රිසිසේ අත්විඳින්නට ප‍්‍රයිම් සමූහය විසින් සංවිධානය කළ මෙම අවස්ථාවට “Prime Grand – Ward Place නිම් නොවන සුඛෝපභෝගීත්වයට හිමිකම් කියන්නට බලාපොරොත්තුවෙන් සිටින සම්භාවනීය පිරිසක් එක්ව සිටි අතරම, කේෂ්ත‍්‍රයේ අත්දැකීම් වලින් පිරිපුන් ප‍්‍රයිම් සමූහයේ ඉංජිනේරු, මූල්‍ය හා නීතිමය නිර්දේශයන් හා සහාය ලබා ගත හැකි විශේෂඥ දැනුම සහිත පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වීම තවත් විශේෂ කරුණක්.
ශී‍්‍ර ලංකාවේ ගෞරවනීයම ලිපිනය හිමි කොළඹ 7 හි ඉදිවන උසම ගොඩනැඟිල්ල වන Prime Grand මේ වන විටත් සම්මානයට පවා පාත‍්‍ර වී ඇති අතර කොළඹ නගරයේ හුරු පුරුදු අහස තේජාන්විත මෙන්ම සුඛෝපබෝගී දැවැන්ත ඉදිකිරීමක් සමඟ නව්‍යකරණය වන්නේ ඉතා අනර්ඝ තත්වයේ Condominium ව්‍යාපෘතියක කාමර 2,3 සහ කාමර 4 ක් සහිත අති සුඛෝපබෝගී නිවාස ගණනාවක් වෙළඳපළට හඳුන්වාදෙමින්. මෙම ව්‍යාපෘතිය 2022 වසරේ මැදභාගය වන විට ඉදිකිරීම් සම්පූර්ණ කිරීමට නියමිතයි.
තම අදහස් දක්වමින් ප‍්‍රයිම් සමූහයේ සභාපති තැන්පත් පේ‍්‍රමලාල් බ‍්‍රාහ්මණගේ මහතා ප‍්‍රකාශ කළේ ර්‍ණවෙළඳපළ හැසිරීම පිළිබඳව සියුම් ඉවක් සහ පාරිබෝගික අවශ්‍යතා වර්ධනය වීම කෙරෙහි පෘථුල දැනුමක් සහිතව මෙහෙයුම් කටයුතු සිදුකිරීමත් තරඟකාරීත්වයට සරිලන ප‍්‍රායෝගික නව්‍යකරණයත් අතිශයින් වැදගත් වනවා.මේ දැක්ම සමඟ එක්වූ අප‍්‍රතිහත ධෛර්යය හා උත්සාහය පෙරටු කරගත් ධනාත්මක ආකල්පයන් නිසා වෙළඳපළ නිම් වළලූ පුළුල් කළ අති සුඛෝපබෝගී දැවැන්ත ව්‍යාපෘතියක 37 වන මහළ විවර කිරීම දක්වා ජයග‍්‍රාහීව ගමන් කිරීමට ප‍්‍රයිම් සමූහයට හැකිවී තිබෙනවා. පරම්පරා ගණනකට සරිලන අන්දමේ අනර්ඝතම ආයෝජනයකට සුදුසු ගෞරවනීය සහ අද්විතීය නිර්මාණයක් විධියට Prime Grand – Ward Place අවිවාදයෙන්ම හඳුන්වන්න පුළුවන්.”
සියුම් අංශයන් කෙරෙහි පවා ඉතා ඕනෑකමින් දැඩි අවධානයක් යොමු කොට සැලසුම් කළ මෙම ව්‍යාපෘතිය, උපරිම අන්දමින් ස්වාභාවික ආලෝකයට විවර වන පරිදි හා අලංකාර නගර දර්ශනය පෙනෙන පරිදි නිර්මිත අතරම වර්ග අඩි 40000 කට ත් වඩා විනෝදොස්වාදයෙන් හා නිදහසෙන් කල් ගත කිරීමට පොදුවේ පරිහණය කළ හැකි සුඛෝපභෝගී ඉඩ කඩකින්ද යුක්තයි.
තවද ඉතා උසස් තත්වයේ අමුද්‍රව්‍ය සහ උපාංග මෙන්ම ආකර්ශනීය වර්ණාවලියක් භාවිත කර දීර්ඝ කාලීන ස්ථාවත්වය පිළිබඳ ප‍්‍රායෝගිකව ම ඉතා උවමනාවෙන් අධ්‍යයනය කර ලබාගත් විශේෂඥ නිර්දේශයන්ට අනුකූලව Prime Grand නිර්මාණය වී ඇත.
තනි මහළ් හා දෙමහළ් නිවාස 332 ක් සහිත මෙම ව්‍යාපෘතියේ වාහන නැවැත්වීම සඳහා මහළ් 4 ක් වෙන් කොට ඇති අතර එක් නිවසකට අවම වශයෙන් වාහන 2 ක් නැවැත්වීමේ පහසුකම සහිත ද්විත්ව උසකින් (double heights) යුත් රථ ගාලක්ද වෙන් කොට ඇත.
Prime Grand හි 32 වන මහල එනම් මීටර් 125කට වඩා ඉහළින් මීටර් 71ක දිගකින් යුතු පිහිණුම් තටාකයක් පිහිටා ඇති අතර එය ශ‍්‍රී ලංකාවේ වඩා උසින්ම පිහිටි එකම infinity පිහිණුම් තටාකය වෙයි. මෙම පිහිණුම් තටාකයට හිරු නැගීම සහ හිරු බැසීමඑක ලෙස දර්ශනය වෙයි. මීට අමතරව Prime Grandහි 5වන මහලෙහි මීටර් 36ක දිගකින් යුතු දරුවන් වෙනුවෙන් වූ පිහිණුම් තටාකයක් සහ කාය වර්ධන මධ්‍යස්ථානය, බැඞ්මින්ටන් ක‍්‍රීඩාගාරයක් , උත්සව ශාලාවක් , සාප්පු සංකීර්ණයක් මෙන්ම දිවාසුරැුකුම් මධ්‍යස්ථානයක් ද ඇතුළත් වනු ඇත.
නිර්මාණාත්මක හා සිත්ගන්නාසුළු ගෘහ අලංකරණ, නිවාසවල බිම් තලයේ හා මුළුතැන්ගේ නිමවූ අනර්ඝත්වය, Modern Home Technology, Access control elevators, smart door locks with access card systems ආදී නවීන පහසුකම්වලින් යුත් සුඛෝපභෝගී සුවපහසුව ආරක්ෂාව සමඟ අත්විඳින්නට සුදුසුම තැන වන්නේ Prime Grand – Ward Place පෞද්ගලිකත්වය මනා සේ සුරුකෙන ආකාරයට සැලසුම් කර ඇති නිසා තනි නිවසක නිදහස සහිතව Condominium ව්‍යාපෘතියක දිවිගෙවන්නට හැකිවීම විශේෂ කරුණක් ලෙසින් සඳහන් කළ හැකියි.