August, 12, 2015
මූල්‍ය අර්බුදයට පත් සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිනෑන්ස් ලිමිටඩ් පී.එල්.සී. (CENTRAL INVESTMENT & FINANCE LIMITED PLC (CIFL) සමාගමේ කලක් සභාපතිවරයා මෙන්ම සමාගමේ ප්‍රධාන කොටස්කරුවා වූ රටින් පිටව ගොස් සිටි චූලක ගුණවර්ධන නොහොත් දීප්ති පෙරේරා නැමැත්තා යළි මෙරටට පැමිණි අවස්ථාවේ රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර ඔහු ලබන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
සැකකාර දීප්ති පෙරේරා නැමැත්තා අගෝස්තු 10 වනදා ලංකාවට පැමිණ තිබෙන අතර රහස් පොලීසිය විසින් ඔහුව අධිකරණයට ඉදිරිපත් කළේ ඊයේ දිනයේදීයි.
තැන්පතු කරුවන් 7000 කට වැඩි ප්‍රමාණයක් සිටි සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිනෑන්ස් ලිමිටඩ් පී.එල්.සී. සමාගම බංකොලොත්වීම සම්බන්ධයෙන් ප්‍රධානතම චෝදනාව එල්ලවී තිබෙන්නේ කලක් එහි සභාපතිවරයා මෙන්ම ප්‍රධාන කොටස්කරුවා වූ දීප්ති පෙරේරා නැමැත්තාටයි.
ඔහුගේ සමයේදී මෙම සමාගමේ වංචාවන් සිදුවී ඇතැයි චෝදනා එල්ලවී තිබෙන අතර CIFL සමාගම අයත් ASPIC සමාගමේ ඔහුට තිබූ කොටස් අයිතිය ඔහු විසින් රුපියල් මිලියන 600 කට වෙනත් පාර්ශවයක් වෙත විකුණා තිබුණි.
මෙම නව පාර්ශවය විසින් සමාගම තුළට ඩොලර් මිලියන 12 ක ආයෝජනයක් කරනු ඇතැයි 2013 අප්‍රේල් මාසයේදී සමාගම කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබුණත් පසුව එවැනි ආයෝජනයක් සිදු නොවුණි.
දීප්ති පෙරේරා නැමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය විසින්ද රතු නිවේදනයක් නිකුත් කර තිබුණු අතර මෙරටින් ගොස් ඔහු ජීවත් වූයේ තායිලන්තයේයි.
Video Story