September, 16, 2020
සොෆ්ට්ලොජික් කැපිටල් සමූහයට අනුබද්ධිත සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් ආයතනය රු. බිලියන 1.9 ක හිමිකම් නිකුතුවක් ප්‍රකාශයට පත්කර ඇත. ඒ අනුව කොටස්හිමියන් විසින් දරනු ලබන සෑම කොටස් පහකට නව කොටස් අටක් නිකුත් කිරීමට එම සමාගම තීරණයකර ඇත.
මෙම හිමිකම් නිකුතුවත් සමගම සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් සමාගමට එහි නවෝත්පාදනය මූලිකකර ගත් නව ව්‍යාපාරික සැලසුම බලගැන්වීමට හැකියාව ලැබෙනු ඇත. මේ සඳහා තවදුරටත් ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයේ පූර්ණ වෙනසක් පසුගියදා සිදු කෙරිණි. ඒ අනුව, එහි නව ප්‍රධාන විධායක නිලධාරී ලෙස ප්‍රියන්ත විජේසේකර මහතා පසුගිය මාර්තුමස වැඩ බාරගත් අතර ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයට අත්දැකීම් රැසක් එක්කරමින් නව ගමනට ශක්තියක් විය හැකි තවත් ප්‍රධාන තනතුරු කිහිපයක් සඳහා ද නව පත්කිරීම් සිදුකෙරිණි.
ඩිජිටල්කරණය සමඟින් ශීඝ්‍රයෙන් වෙනස්වන මුල්‍ය සේවා වෙළෙඳපොළට ඔබින පරිදි පද්ධති සහ ක්‍රමවේද අනුකූල කිරීම මේවන විට ද ආරම්භ කර ඇති අතර ඒ හරහා සිය පාරිභෝගිකයන් හට වඩාත් පහසු සහ පරිපූර්ණ සේවා පෙළක් පිරිනැමීමට සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් ආයතනය අපේක්ෂා කරයි.
මෙම හිමිකම් නිකුතුව, මෙරට ජනතාවගේ නොමඳ විශ්වාසය දිනාගත් සොෆ්ට්ලොජික් සන්නාමය වෙනුවෙන් සොෆ්ට්ලොජික් සමූහය දක්වන කැපවීම තවදුරටත් පිළිබිඹු කෙරෙනු ඇත. සොෆ්ට්ලොජික් සමූහයේ ශක්තිය සමඟින් සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් ආයතනය රු. බිලියන 17.1 ක පාරිභෝගික තැන්පතු සහ රු. බිලියන 18.2 ක පාරිභෝගික අත්තිකාරම් පදනමකට හිමිකම් කියයි. 2020 මාර්තු මස 31 වන විට සමාගමේ සමස්ත වත්කම් ප්‍රමාණය රු. බිලියන 21.7 කි.
ශ්‍රී ලංකාවේ වඩාත් ඉදිරිගාමී සමාගම් සමූහයක් ලෙස කීර්තිමත් නාමයකට හිමිකම් කියන සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් සමූහය තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ, සෞඛ්‍ය, පාරිභෝගික සහ මුල්‍ය සේවා යන ක්ෂේත්රවල ප්රමුඛස්ථානයක් හිමිකරගෙන සිටී.
2011 අංක 42 දරන මුල්‍ය ව්‍යාපාර පනත යටතේ ලියාපදිංචි මුල්‍ය සමාගමක්වන සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් ආයතනය 2000 අංක 56 දරන මුල්‍ය කල්බදු පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී විශේෂඥ කල්බදු සමාගමක් ද වේ.
Video Story