September, 28, 2020
ශ්‍රී ලංකාවේ ලිපිද්‍රව්‍ය අලෙවිකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයාවන ඇට්ලස් ඇක්සිලියා සමාගම, කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ Atlas Skills Factory අත්දැකීම් කුටිය හරහා දරුවන්ට සතුටින් ඉගෙනීමේ නිරතවිය හැකි ආකාරය ප්‍රායෝගික ප්‍රවේශයකින් යුතුව පෙන්වා දීමට කටයුතු කළේය. අත්දැකීම් ක්‍රියාකාරකම් ආශ්‍රයෙන් දරුවන්ගේ පරිකල්පනය දියුණුවන ආකාරයේ ඉගෙනුම් ක්‍රම පිළිබඳ අපූර්ව මගපෙන්වීමක් වූ මෙම කුටිය වෙත දරුවන්ගේත්, දෙමාපියන්ගේත් නොමඳ ආකර්ෂණය හිමි විය.
සතුටින් ඉගෙනීමෙහි යෙදීම සඳහා දරුවන් යොමු කිරීමේ අරමුණ පෙරදැරිව කටයුතු කරන ඇට්ලස් සමාගම මෙම Atlas Skills Factory කුටිය හරහා දරුවන් සමග පවතින සිය සවිමත් සබඳතාව තවදුරටත් වර්ධනය කර ගැනීමට කටයුතු කළේය. දරුවන්ගේ නිර්මාණශීලී හැකියා වර්ධනයවන චිත්‍ර හා අත්කම් නිර්මාණ, 'විස්මිත විශ්වය', 'ගෙදරට වැඩක්-රටට වැඩක්', රූකඩ වැඩසටහන, දෙමාපියන්ගේ රුව සිතුවමට නගන 'Face to Face' සහ මෝටර් ආශ්‍රයෙන් විවිධ නිර්මාණ සිදුකිරීම ඇතුළු අපූර්ව ක්‍රියාකාරකම් රැසක් මෙහිදී ඇට්ලස් සමාගම සංවිධාන කර තිබිණි.
මේ එහි සුවිශේෂී අවස්ථා කිහිපයකි.




Video Story