September, 30, 2020
වසර 15 කට අධික කාලයක් තුළ විශ්වාසනීය මූල්‍ය සේවාවක නියැලි සම්පත් බැංකු සමූහයට අයත් විශාලතම සමාජික සමාගම වන සියපත ෆිනෑන්ස් සතු දීප ව්‍යාප්ත ශක්තිමත් ශාඛා ජාලයේ අවිස්සාවේල්ල ශාඛාව ගුණාත්මක පාරිභෝගික සේවාවක් ලබාදීමේ අරමුණෙන් නවතම පරිශ්රයක ස්ථාපිත කොට තිබේ. සියපත ෆිනෑන්ස් ප්‍රධාන කාර්යාලය වෙතින් ගනුදෙනුකාරභවතුන් වෙත ලබාදෙන ලීසිං‚ කුලී සින්නක්කර සේවා‚ ෆැක්ටරින්‚ ව්‍යාපාර හා පුද්ගලික ණය‚ නිවාස ණය‚ රන් ණය‚ ස්ථාවර තැන්පතු ඇතුළු සියළුම මූල්‍ය සේවාවන් අවිස්සාවේල්ල කොළඹ පාරේ අංක 16 දරණ ස්ථානය වෙත රැගෙන ගිය සියපත ෆිනෑන්ස් අවිස්සාවේල්ල ශාඛාව වෙතින්ද ලබාගත හැකිය. අවිස්සාවේල්ල ආශ්රිත ගනුදෙනුකාරභවතුන් සියපත ෆිනෑන්ස් වෙතින් අත්විඳි උපරිම සුරක්ෂිතතාවය තහවුරු කළ හෘද්‍යාංගමවූ ගුණාත්මක පාරිභෝගික කේන්ද්‍රීය මූල්‍ය සේවාව දැන් පෙරටත් වඩා සමීපව අත්විඳිය හැක.
නව පරිශ්රයකට රැගෙන ගිය සියපත ෆිනෑන්ස් අවිස්සාවේල්ල ශාඛාව විවෘත කිරීම පිළිබඳ සියපත ෆිනෑන්ස් හි කළමනාකාර අධ්යක්ෂ ආනන්ද සෙනෙවිරත්න මහතා අදහස් දක්වමින් ‘දිනෙන් දින වෙනස්වෙන ගනුදෙනුකාරභවතුන්ගේ අවශ්‍යතා ඉටු කිරීමට අප කැපව සිටිනවා. අප සමග එක්ව සිටින ගනුදෙනුකාරභවතුන්ට පෙරටත් වඩා ඉහළ ගුණාත්මක සේවාවක් ලබාදෙන්නටත් අවිස්සාවේල්ල නගරය එම කලාපයේ ව්‍යාපාරික කේන්ද්‍රයක් ආකාරයෙන් ක්‍රියාත්මක වීමේ වර්ධනයත් සලකා අපි අවිස්සාවේල්ල ශාඛාව මෙම ස්ථානයට රැගෙන ආවා’. යැයි පැවසීය.
සම්පත් බැංකු සමූහයට අයත් විශාලතම සමාජික සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑල්සී මෙරට මූල්‍ය වෙළෙඳපොළ තුළ සිය සේවා අරඹා ගතවූ වසර 15ක කාලය ඇතුලත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් රැසක් සවිබල ගන්වමින් ශ්‍රී ලංකාව පුරා විසිරී පැතිරී සිටින පාරිභෝගික ජනතාව වෙත නව්‍ය හා සුහදශීලී මූල්‍ය සේවා සම්පාදනය කිරීම හරහා ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කරලන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට කැපී පෙනෙන දායකත්වයක් එක් කරමිනි.
Video Story