October, 5, 2020
මිලියන 2 කට අධික නිෂ්පාදන රැසක්, 35,000 ක විකුණුම්කරුවන් පිරිසක්, මිලියනයක් වූ සක‍්‍රීය අන්තර්ජාල පාරිභෝගික පිරිසක් එකම අන්තර්ජාල අවකාශයක් තුළ එකමුතු කළ මිලියන 1.6 ක භාණ්ඩ දිවයින පුරා බෙදාහරින ලද Daraz, ශ්‍රී ලංකාව තුළ අති සාර්ථක ලෙස අන්තර්ජාල වෙළෙඳපොළ මෙහෙයුම් දියත්කොට වසර 4 ක් සම්පූර්ණ කර ඇතිබව පසුගියදා නිවේදනය කෙරිණ. ඒ නිමිත්තෙන්, ඔක්තෝම්බර් මස 10 වැනිදා සිට 15 වැනිදා දක්වා, අන්තර්ජාල මිලදීගැනීම් සඳහා 70% ක් දක්වා දැවැන්ත මිල අඩුකිරීම්, විශේෂ උපන්දින වවුචර්පත් සහ ආකර්ෂර්‍ණය දීමනා රැසක් පිරිනමන සාංවත්සරික ප‍්‍රවර්ධන වැඩසටහනක් ක‍්‍රියාත්මක කෙරෙන බව පසුගියදා නිවේදනය කරන ලදී.
Daraz 4 වැනි සංවත්සර සැමරුම් ප‍්‍රවර්ධන වැඩසටහන යටතේ ඔබේ ප‍්‍රියතම සන්නාමයන්ගෙන් යුතු ඉලෙක්ට්‍රොනික උපකරණ, ජංගම දුරකතන, නවීන විලාසිතාවන්ගේ ඇඳුම් පැළඳුම් වර්ග රැසක් මෙන්ම එදිනෙදා දිවිය පහසුකරන නිෂ්පාදනයන් රැසක් සඳහා අඩුම මිල ගණන්, සුවිශේෂී වට්ටම් සහ දීමනා රැසක් සපිරිව සදා මතකයේ රැඳෙන අසිරිමත් අන්තර්ජාල සාප්පු සවාරියක මිහිර හිමිවේ.
ප‍්‍රවර්ධන කාලසීමාව තුළ “One-rupee game” ක‍්‍රීඩාව සමග එක්ව දෙස් විදෙස් ප‍්‍රමුඛ පෙළ සන්නාමයන්ගේ නිෂ්පාදන රැසක් රුපියලකට දිනාගැනීමේ අවස්ථාව ඔබට උදාවේ. තවද Daraz 4 වැනි සංවත්සර සැමරුම් ප‍්‍රවර්ධන වැඩසටහන යටතේ විශේෂ භාණ්ඩ ලැයිස්තුවක් අතරින් තමන්ට අවශ්‍ය දෑ තම Shopping Cart යට එක් කර, එම භාණ්ඩ නොමිලේ දිනා ගැනීමේ අවස්ථාව, Mission 10 ක‍්‍රීඩාවෙන් Samsung Galaxy Note 20 ස්මාට් ජංගම දුරකතන, වවුචර්පත් සහ ත්‍යාග දිනාගැනීමේ හැකියාව සහ දිනපතා උදෑසන 8 සිට 10 දක්වා තෝරාගත් භාණ්ඩ වෙනුවෙන් ක‍්‍රියාත්මක කෙරෙන තරගයේදී Samsung Galaxy M31 ස්මාට් ජංගම දුරකතන දිනාගැනීමේ හැකියාවද පාරිභෝගිකයා වෙත හිමිවේ. එමෙන්ම Daraz first games ක‍්‍රීඩාවේ යෙදීමෙන් විනෝදාස්වාදය ලැබීමේ හැකියාවත් ජයග‍්‍රහණ ලකුණු ප‍්‍රමාණය අනුව හිමිවන points සහ වවුචර්පත් භාණ්ඩ මිලදී ගැනීමේදී මුදල් වෙනුවට භාවිතා කිරීමේ හැකියාවත් හිමිවීම කැපීපෙනෙයි.
Daraz සතු සුපිරි අලෙවි අවකාශය වන Daraz Mall ඵ්කක දින 14 ක නැවත ආපසු භාරදීමේ හැකියාවද සමග දෙස් විදෙස් පාරිභෝගික ජනතා විශ්වාසයට පාත‍්‍ර වූ සුපිරිතම සන්නාම 450 ක් යටතේ අනගි භාණ්ඩ පෙළක් ඉදිරිපත්කොට තිබේ. go pro මිලදී ගැනීමේදී ඒ හා සමගාමී camera, memory card, battery, camera suite අනෙකුත් නිෂ්පාදනයන්ද මිලදී ගන්නේ නම් 40% ක විශේෂ මිල අඩුකිරීමක් Daraz වෙතින් හිමිවේ. තවද Vantage වෙතින් රුපියල් 5000 කට වැඩි සෑම මිලදීගැනීමකදීම රුපියල් 25, 000 වටිනාකමෙන් යුතු Vantage නිෂ්පාදන නොමිලේ හිමිකරගැනීමේ අවස්ථාව මෙන්ම Laveena sarees වෙතින් මිලදීගන්නා සෑම රුපියල් 6500 කට වැඩි මිලදීගැනීමකටම රුපියල් 25,000 ක් වටිනා බතික් සාරි දිනාගැනීමේ හැකියාවද හිමිවේ. එමෙන්ම කොකා කෝලා මිලදීගෙන වසර පුරා නොමිලේ කොකා කෝලා බෝතල් දිනාගැනීමේ හැකියාව, තෝරාගත් ඩයපර්ස් සන්නාමයකින් සිදුකෙරෙන මිලදී ගැනීම් සඳහා වසර පුරා නොමිලේ ඩයපර්ස් දිනාගැනීමේ හැකියාව වැනි ආකර්ෂර්‍ණය දීමනා රැසකි. Daraz හරහා ඩිමාක් මෝටර් සයිකලයක් මිලදී ගැනීමේදී නොමිලේ ලියාපදිංචිය සමග රුපියල් 6500 ක විශේෂ වට්ටමක් සහ නොමිලේ වාහන සේවා වාර 5ක් හිමිවේ. මීට අමතරව Daraz වෙතින් ජංගම දුරකතන top-up කර ගැනීමේ හැකියාව ඇති අතර Easy Bill ක‍්‍රමය යටතේ ජලය හා විදුලි වැනි බිල්පත් ගෙවීමේදී අමතර5% ක විශේෂ මිල අඩුකිරීමක්ද හිමිවේ.
Daraz 4 වන උපන්දින සැමරුම් ප‍්‍රවර්ධන වැඩසටහන සඳහා බැංකු සහකරුවන් ලෙස එක්ව ලංකා බැංකුවල කමර්ෂල් බැංකුව, DFCC, HNB, HSBC සහ සම්පත් බැංකුව පහසුගෙවීමේ ක‍්‍රම රැසක් හඳුන්වාදී තිබේ. එමෙන්ම ස්ටෑන්ඩඞ් චාටඞ් බැංකුව හා සෙලාන් බැංකුව ක්‍රෙඩිට් කාඞ්පත් හරහා සිදුකෙරෙන මිලදී ගැනීම් සඳහා 10% ක වට්ටමක්ද ඕනෑම මාස්ටර් කාඞ්පතක් හරහා සිදුකෙරෙන මිලදී ගැනීම් සඳහා අමතර 12% ක වට්ටමක්ද පිරිනමයි.
මෙයට ප‍්‍රවර්ධන සහකරුවන් ලෙස Samsung, Unilever, Brown and Company PLC, Huawei, Vantage සහ Reckitt Benckiser එක්වන අතර සන්නාම සහකරුවන් ලෙස Oppo, GoPro, Laveena Sarees, Lenovo, Asus, ලක්සල, Marvel, Moose clothing, Quantum Fitness, Remax, Revlon, Signature, Tecroot, The Concept Store සහ Yamaha Music Centre ඉදිරිපත් වී ඇත
Daraz App ඩවුන්ලෝඞ් කරගැනීමෙන් ඔබටත් Daraz 4 වන උපන්දින සැමරුම් ප‍්‍රවර්ධන වැඩසටහන වෙතින්, ඔක්තෝබර් මස 10 වැනිදා සිට 15 වැනිදා දක්වා ආකර්ෂර්‍ණය දීමනා රැසක් හිමිකරගත හැකිය.
Video Story