අලියාන්ස් ලංකා රක්ෂණ ප්‍රතිලාභ පිළිබඳ දැනුවත්භාවය නැංවීමට කටයුතු කරයි

    October, 7, 2020

    අලියාන්ස් ලංකා සමාගම විසින් රක්ෂණ දැනුවත් කිරීමේ මාසය තුළදී දිවයින පුරා ව්‍යාපාරයන්ට සහ පාරිභෝගිකයන් හට රක්ෂණයේ ප්‍රතිලාභ වැඩි වැඩියෙන් ලබා දීම වෙනුවෙන් රක්ෂණයේ අවශ්‍යතාවය පිළිබඳ දැනුවත් කිරීමේ කටයුතු තව දුරටත් ඉහළ නැංවීමට කටයුතු කරනු ලැබීය. එහිදී දිවයින පුරා ප්‍රධාන නගරයන් මූලික කොට ගනිමින් පැවැත්වෙන බිම්ි මට්ටමේ ප්‍රජා සම්බන්ධතා වැඩසටහන් මාලාවක් හරහා රක්ෂණය මඟින් ලබා දෙන වටිනාකම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමට අලියාන්ස් ලංකා කටයුතු යොදා ඇත.

    අලියාන්ස් ලංකාහි ජීවිත සහ සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර කණ්ඩායම් පසුගියදා බණ්ඩාරවෙල නගරයේදී ඒ ආකාරයේ දැනුවත් කිරීමේ වැඩසටහනක් දියත් කළ අතර එහිදී දැරිය හැකි මිලක් යටතේ ඉහළ රැකවරණයක් සහ ප්‍රළුල් පරාසයක විහිදුණු ප්‍රතිලාභයන් සලසා දෙන ජාත්‍යන්තර මට්ටමේ රක්ෂණ විසඳුම් ජනතාව වෙත හඳුන්වා දීමට ඔවුන් කටයුතු කරන ලදී. මුළු පවුලටම රක්ෂණ රැකවරණය සලසා දෙන ‘අලියාන්ස් යුනිවර්සල් ලයිෆ් ෆැමිලි’, දැරිය හැකි මිලකට පුද්ගලික සෞඛ්‍ය රක්ෂණ ආවරණයක් සලසන අලියාන්ස් PAB PlusZ සහ ව්‍යාපාර හිමිකරුවන් සඳහා අලියාන්ස් ෂොප් කීපර්ස්’ යන රක්ෂණ යෝජනාවන් ඊට ඇතුළත් විය. එම දැනුවත් කිරීම්වලින් අනතුරුව ප්‍රජා සාමාජිකයන්ගේ ක්‍රියාකාරී සහභාගීත්වයෙන් අධ්‍යාපනික හා විනෝදාත්මක සන්ධ්‍යාවක්ද පැවැත්විණ.

    සැප්තැම්බර් මාසය තුළදී  මාතර, රත්නපුර, මීගමුව සහ යාපනය යන දිස්ත්‍රික්කයන් මෙම වැඩසටහන යටතේ ආවරණය කිරීමට නියමිතය.

    මෙම අවස්ථාව පිළිබඳ අදහස් දක්වමින් අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා හි අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිළධාරී ගානි සුබ්‍රමනියම් මහතා සඳහන් කර සිටියේ “අලියාන්ස් සමාගම ලෙස අපි නිරන්තරයෙන්  ජනතාවගේ ජීවිත සුරක්ෂිත කිරීමට මෙන්ම අනාගතය වෙනුවෙන් ඔවුන් දිරිමත් කිරීමට කැපවී කටයුතු කරනවා. ලෝකය දැනට මුහුණ දී සිටින අවිනිශ්චිත තත්වයන් සැලකිල්ලට ගැනීමේදී රක්ෂණය මඟින් ලබා දෙන රැකවරණය හා මානසික සහනය අන් කවර දේටත් වඩා මිල කළ නොහැකි දෙයක් බවට පත්ව ඇති බව අපගේ විශ්වාසයයි. මෙම රක්ෂණ දැනුවත් කිරීමේ මාසය තුළ අපගේ කණ්ඩායම රට පුරා විසිරී සිටින               ශ්‍රී ලාංකිකයන් සමඟ එක්ව ඔවුන් වෙත රක්ෂණයේ අවශ්‍යතාවය පිළිබඳ අවබෝධයක් ලබා දෙමින්  අපගේ ජාත්‍යන්තර මට්ටමේ රක්ෂණ විසඳුම් හරහා ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කරගන්නා ආකාරය පිළිබඳව ඔවුන්ව දැනුවත් කරනු ලබනවා. දිවයින පුරා විසිරී ඇති ව්‍යාපාරයන්ට මෙන්ම පාරිභෝගිකයන් හටද රක්ෂණයේ රැකවරණය නොඅඩුව ලබා දීමට අපි අඛණ්ඩව කටයුතු කරනවා.” යනුවෙනි.

    ඡායාරූප විස්තරය  - බණ්ඩාරවෙල නගරයේ පවත්වනු ලැබූ ප්‍රජා සම්බන්ධතා වැඩසහනට එක් වූ අලියාන්ස් කණ්ඩායම