ලෝකයේ ප‍්‍රමුඛතම Hybrid Storage Inverters නිෂ්පාදකයා ‘GoodWe’ සමග බ‍්‍රෑන්ටෙල් අත්වැල් බැඳගනී

    October, 9, 2020

    Hybrid Storage Inverters ලෝකයේ අංක එක ලෙස සැලකෙන ‘GoodWe’ මෙරට බෙදාහැරීම සඳහා ප‍්‍රමුඛතම තොරතුරු තාක්ෂණික සමාගමක් වන බ‍්‍රෑන්ටෙල් ලංකා (පෞද්ගලික) සමාගම විසින් බෙදාහැරීමේ අයිතිය අත්පත් කරගෙන තිබෙන අතර මේ තුළින් සමාගමේ භාණ්ඩ අතරට තවත් ලොව ප‍්‍රමුඛතම තාක්ෂණික සන්නාමයක් එකතුවී තිබීම කැපී පෙනේ.

    Hybrid grid-connected පද්ධති වලට දහවල් කාලයේදී උත්පාදනය කරන සූර්ය බලශක්තිය රාත‍්‍රී කාලයට භාවිතා කිරීම සඳහා බැටරි වලට ගබඩා කිරීමේ හැකියාව තිබේ. එසේම, පාරිභෝගිකයාට විකල්ප අවස්ථා දෙකක් ලබාදෙමින් ගබඩාකළ සූර්ය බලශක්තිය අඩුවන විට ජාතික විදුලි බල පද්ධතියෙන් විදුලිය සැපයුම ලබාගැනීමේ අවස්ථාව මෙහිදී හිමිවේ. විදුලිය විසන්ධි කර ඇති අවස්ථාවල විශේෂයෙන් විකල්ප බලශක්ති සැපයුමක් ලෙස මෙය ඉතාමත් ප‍්‍රයෝජනවත් වන බව බ‍්‍රෑන්ටෙල් සඳහන් කරයි.

    ලෝකයේ Hybrid Inverter වෙළෙඳපොළින් 15% කට වැඩි වෙළෙඳපොළ කොටසක් හිමි GoodWe සන්නාමයේ බලයලත් බෙදාහරින්නා ලෙස බ‍්‍රෑන්ටෙල් සඳහන් කරන්නේ on-grid solar පද්ධති සඳහා විකල්පයක් වන මෙම Hybrid Inverter අවශ්‍ය තොග මෙරට පාරිභෝගිකයින් වෙනුවෙන් පවත්වා ගන්නා බවයි.

    මෙම ඒකාබද්ධතාවය පිළිබඳව අදහස් දක්වමින් GoodWe සමාගමේ ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව සඳහා අලෙවි අධ්‍යක්ෂ, ජේම්ස් හු මහතා පැවසුවේ මෙම ඒකාබද්ධතාවය මගින් මෙම සමාගම් දෙකටම නව යුගයක් විවෘත වනු ඇති බවයි. ‘අපගේ ඉන්වර්ටර්වල දිගුකාලීන කාර්යසාධනය සහ අපගේ පාරිභෝගිකයින් සඳහා අඛණ්ඩව ලබාදෙන ශක්තිමත් සහයෝගය තුළින් අපි හොඳ සන්නාම කීර්තියක් දිනාගෙන තිබෙනවා. ශ‍්‍රී ලංකා වෙළෙඳපොළ සඳහා බ‍්‍රෑන්ටෙල් සමග අත්වැල් බැඳගැනීමට ලැබීම පිළිබඳව අපි සතුටු වෙනවා. බ‍්‍රෑන්ටෙල් යනු ඉතාමත් ඉහළ කීර්තිනාමයක් දිනාගත් ශ‍්‍රී ලංකාවේ ගෞරවණීය බෙදාහරින්නෙක්. ඔවුන් මෙහිදී කටයුතු කරන්නේ GoodWe බෙදාහරින්නා පමණක් ලෙස නෙවෙයි. බ‍්‍රෑන්ටෙල්  අපගේ ඉන්වර්ටර් සඳහා දේශීය සේවා සම්පාදකයා ලෙසින්ද කටයුතු කරනවා.’

    GoodWe විසින් කර්මාන්තයේ වඩාත්ම පුළුල් බලශක්තිය ගබඩා කිරීමේ විසම් ලබාදෙන අතර ඒවා කිලෝවොට් 3 සිට කිලෝවොට් 100 ක් දක්වා පරාසයක විහිදේ. මේවා single-phase, three-phase, high voltage සහ low voltage, DC-coupled සහ AC-coupled retrofit විසඳුම් යන අංශ ආවරණය කරයි.

    බ‍්‍රෑන්ටෙල් විසින් බෙදාහරින GoodWe Hybrid Storage ඉන්වර්ටර්වලට ගෘහ ඉන්වර්ටර් සහ ව්‍යාපාරික වහළ මත සවිකරන ඉන්වර්ටර් අයත් වේ. ලෝකයේ on-grid සූර්ය බල ඉන්වර්ටර් නිෂ්පාදනයේ ප‍්‍රමුඛයෙකු වන ජර්මනියේ SMA Solar Technology AG සමාගම විසින් නිෂ්පාදනය කරන solar ඉන්වර්ටර් ද බ‍්‍රෑන්ටෙල් සමාගම විසින් බෙදාහරිනු ලැබේ.

    ලෝකයේ ප‍්‍රමුඛතම තාක්ෂණික සන්නාම සමඟ අත්වැල් බැඳගෙන බ‍්‍රෑන්ටෙල් ලංකා (පෞද්ගලික) සමාගම ව්‍යාපාරික ගනුදෙනුකරුවන් 2000 කට වැඩි සංඛ්‍යාවකට තාක්ෂණය සහ අගය එකතුකළ සේවාවන් ලබාදෙයි. සමාගම සතු විශේෂඥ අලෙවි සහ තාක්ෂණික සහාය කණ්ඩායම සමග පසුගිය වසර 17 ක කාලයක් පුරා දිවයින පුරා පිහිටි ශාඛා සහ අලෙවි නියෝජිතයින් මගින් සමාගම පාරිභෝගිකයින්ට සේවා ලබාදෙමින් සිටියි.

    බ‍්‍රෑන්ටෙල් විසින් ගෝලීය ප‍්‍රමුඛතම නිෂ්පාදකයින් වෙතින් මෙරට පාරිභෝගිකයින්ට ගෙනෙන නිෂ්පාදන අතරට කුඩා පරිගණක, ඇන්ඩ්‍රොයිඞ් ස්මාර්ට් ජංගම දුරකතන, ටැබ්ලට්, copper සහ fibre network cables, passive network components, solar inverters, PV modules, point-of-sale thermal ප‍්‍රින්ටර සහ, ඩිජිටල් ස්මාර්ට් බෝර්ඞ් විසඳුම් අයත් වේ.

    එසේම, Corning සහ E-tel  ජංගම දුරකථනවල මෙරට ජාතික බෙදාහරින්නා ලෙසින් කටයුතු කරන්නේ බ‍්‍රෑන්ටෙල් සමාගමයි.