October, 16, 2020
සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලය විසින් තම සාමාජික සාමාජිකයින්ගේ පහ වසර ශිෂ්‍යත්වය විශිෂ්ට ලෙස සමත් දරු දැරියන්ට ශිෂ්‍යත්ව ප්රදානය කිරීමේ වැඩසටහන සඳහා අඛණ්ඩව 10 වන වරටත් මහජන බැංකුව සමඟ අත්වැල් බැඳගනී. මේ සඳහා වන චෙක්පත සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සභාපති ශ්‍රියාන් ද සිල්වා විජේරත්න මහතා අතින් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා වෙත පිරිනැමීම පසුගියදා අරලිගහ මන්දිරයේදි සිදුකෙරිණි.
මෙම අවස්ථාවට සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ප්‍රිමාල් ප්‍රනාන්දු, අතිරේක සාමාන්‍යාධිකාරි එන්. ඩබ්ලිව් විමලවීර, මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (ක්‍රියාවලි කළමනාකරණ හා තත්ව ආරක්ෂණ/ පුද්ගල කේන්ද්‍රිය බැංකු කටයුතු) රේණුකා ජයසිංහ, සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (සාමාජික සේවා) එච්. එම් සෙනෙවිරත්න, සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ ශිෂ්‍යත්ව නිලධාරිනි ඩබ්ලිව්. එල්. ඩී ක්‍රිෂාන්ති, සහකාර නිලධාරිනි පී.ජි ශ්රීයාලතා, කළමනාකාර සහකාර සහන් රණවීර සහ ඇනස්ටිනා දේවප්‍රිය යන මහත්ම මහත්මීන් සහභාගි වූහ.
Video Story