සුරැකුම්පත් විනිමය කොමිෂන් සභා පනත වෙනුවට නව පනතක් – කැබිනට් අනුමැතිය හිමිවෙයි

    October, 27, 2020

    ශ්‍රී ලංකා කොටස් වෙළෙඳපොළ ජාත්‍යන්තරව ක්‍රියාත්මක වන මනා ක්‍රියා පිළිවෙත් අනුව නියාමනය කිරීඹට අවශ්‍ය විධිවිධාන ඇතුළත් කරමින් දැනට පවතින 1987 අංක 36 දරන ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා පනත වෙනුවට නව පනතක් හඳුන්වා දීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදක උපදෙස් දීම සඳහා මුදල් අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.