පිළියන්දල ‘කපිලවස්තු ශාක්‍ය ජනපදය‘ ඉදිකිරීම නවතයි

    October, 27, 2020

    සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව භාරයේ පැවති පිළියන්දල, කහපොළ රෙජිඩේල්වත්ත ඉඩම එවකට පැවති බුද්ධශාසන විෂය භාර අමාත්‍යාංශය වෙත පවරා ගෙන අවබෝධතා ගිවිසුමක් යටතේ ‘ලයිට් ඔෆ් ඒෂියා ෆවුන්ඩේෂන්‘ නැමති ආයතනය වෙත පවරා ඉන්දියාවේ කපිලවස්තු ශාක්‍ය ජනපදය ප්‍රතිනිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය සඳහා ලබා දීමට 2016 වර්ෂයේ දී අමත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත.

    එම ව්‍යාපෘතිය 2017 වර්ෂයේ දී ආරම්භ කර 2020 මාර්කු මාසයේ දී අවසන් කිරීමට නියමිතව තිබූ නමුත් මේ වන විටත් එහි ප්‍රගතිය 5%කට වඩා අඩු මට්ටමක පවතින බැවින් ‘ලයිට් ඔෆ් ඒෂියා ෆවුන්ඩේෂන් ආයතනය‘ සමඟ ඇති කරගත් එකී අවබෝධතා ගිවිසුම අවලංගු කර එකී ඉඩම බුද්ධශාසන, අගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය වෙත නැවත භාර ගැනීමටත්, එම අමාත්‍යාංශයේ ඉදිරි සංවර්ධන කාර්යයන් සඳහා අක්කර 05ක ප්‍රමාණයක් අමාත්‍යාංශය භාරයේ තබා ගෙන ඉතිරි ඉඩම් කොටස නැවත ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව වෙත පැවරීමටත් බුද්ධශාසන. ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.