සෞඛ්‍ය අමාත්‍යාංශයේ රෝහල්වල ආරක්ෂක සේවා සැපයීමේ කොන්ත්‍රාත්තු රක්නා ආරක්ෂක ලංකා සහ LRDC වෙත

    November, 4, 2020

    2020/2021 වර්ෂය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින රෝහල් සහ අනෙකුත් ආයතන සඳහා ආරක්ෂක සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කළ යුතුව ඇත.

    ඒ අනුව, බස්නාහිර පළාතේ පිහිටා ඇති රෝහල් සහ ආයතන 35ක් සඳහා ආරක්ෂක සේවාවන් සැපයීම රක්නා ආරක්ෂක ලංකා සමාගම වෙතත්, බස්නාහිර පළාතෙන් බාහිරව පිහිටා ඇති රෝහල් සහ ආයතන 26ක් සඳහා ආරක්ෂක සේවා සැපයීම එල්ආර්ඩීසී සර්විසස් (පෞද්ගලික) සමාගම වෙතත් පැවරීම පිණිස සෞඛ්‍ය අමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.