කොවිඩ් ණය සහන තවත් මාස 06කින් දීර්ඝ කෙරේ

    November, 10, 2020

    COVID-19 හි දෙවන රැල්ල හේතුවෙන් බලපෑමට ලක් වූ ව්‍යාපාර සහ පුද්ගලයින් වෙත ලබා දී තිබූ ණය සහන කාලය 2020 ඔක්තෝබර් 01 දින සිට තවත් මාස 06 ක කාලයක් සඳහා දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ.

    ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී විශේෂිත බැංකු, බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සහ විශේෂිත ලීසිං සමාගම් වෙත චක්‍රලේඛයක් නිකුත් කරමින්  ශ්‍රී ලංකා මහ බැංකුව මේ බව දැනුම් දී සිටී.

    ශ්‍රී ලංකා මහ බැංකු අදිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතාගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද අදාළ චක්‍රලේඛය පහතින් දැක්වේ.