November, 10, 2020
පහත සඳහන් රාජ්‍ය ආයතනවල නිෂ්පාදනය කරනු ලබන හා අලෙවි කරනු ලබන නිෂ්පාදන, දැරිය හැකි මිලකට එකම වහලක් යටදී පාරිභෝගිකයින්ට ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීමට හැකි වන පරිදි දැනට නාරාහේන්පිට විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ පවත්වාගෙන යනු ලබන ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ ප්‍රදර්ශනාගාරය පුළුල් කර "රජවාස" නමින් අලෙවි මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත.
* ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව
* ලංකා ධීවර සංස්ථාව
* අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව
* ශ්‍රී ලංකා තේ මණ්ඩලය
* රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව
* බී.බී.සී. ලංකා සමාගම
* සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව
* ලංකා සතොස සමාගම
* ලංකා කජු සංස්ථාව
* මාන්තායි ලුණු සමාගම
* ලිට්‍රෝ ගෑස් සමාගම
* රාජ්‍ය දැව සංස්ථාව
* සී/ස කොළඹ කොමර්ෂල් පොහොර සමාගම
* සී/ස ලංකා පොහොර සමාගම
* මිල්කො ආයතනය
* පොල් සංවර්ධන අධිකාරිය
* රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව
ඒ අනුව, දැනට ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ ප්‍රදර්ශනාගාරය පවත්වාගෙන යන පරිශ්‍රය නවීකරණය කර යෝජිත "රජවාස" වෙළෙඳ මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම පිණිස වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story