September, 11, 2015
මෙරට අපනයන දළ දේශීය නිෂ්පාදිතයට ප්‍රතිශතයක් ලෙස (Gross Domestic Product) සියයට 35 ක සිට සියයට 15 ක් දක්වා පහත වැටීම පිළිබඳව පසුගිය කාලයේදී වැඩිපුරම අදහස් දැක්වූයේ තමා බවත් ලැබුණු නියෝජ්‍ය විදේශ අමාත්‍ය ධූරය ප්‍රයෝජනයට ගනිමින් මෙරට ආර්ථික සංවර්ධනයට සහ සමෘද්ධියට උරදීමට තමා සූදානම් බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කියයි.
නියෝජ්‍ය විදේශ අමාත්‍ය ධූරයේ වැඩ භාරගනිමින් හර්ෂ ද සිල්වා මහතා අද පෙරවරුවේදී මේ බව පැවසීය.
ආර්ථිකය පිළිබඳව පෙනී සිටින අයෙකු ලෙස තමාට ආර්ථිකයට සම්බන්ධ වගකීමක් ලැබෙනු ඇතැයි බොහෝ දෙනා සිතූ බවත් එයටත් වඩා එහා ගිය වගකීමක් තමාට ලැබීම පිළිබඳව සතුටු වන බවත් හෙතෙම මෙහිදී සඳහන් කළේය.
සාමය වෙනුවෙන් පමණක් ඉලක්ක වුණු මෙරට විදේශ ප්‍රතිපත්තිය මෙරටට ආර්ථික සමෘද්ධිය ළඟාකර ගැනීම සඳහා යොදාගැනීමට කාලය මේ වනවිට පැමිණ තිබෙන බවත් ඒ සඳහා තමා කැපවෙන බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙහිදී කීය.
ආර්ථිකය ගැන හොඳින් දන්නා තමාට නියෝජ්‍ය විදේශ අමාත්‍ය ධූරයේ වැඩ කිරීම මගින් ලැබෙන අත්දැකීම් දේශපාලන අනාගතය වෙනුවෙන් වඩාත් ප්‍රයෝජනවත් වනු ඇතැයි හෙතෙම මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
Video Story