September, 15, 2015
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ඉතිහාසයේ මෙතෙක් වාර්තාකළ වැඩිම අවප්‍රමාණය වීම අද වාර්තා කර තිබේ.
මේ අනුව, අද මුදල් වෙළඳ පොළේ ගනුදෙනු අවසානයේදී ඩොලරයක මිල රුපියල් 140.25 කට ආසන්න අගයක් ගත්තේය.
මුදල් වෙළඳ පොළේ ඩොලර් සඳහා තිබෙන ඉල්ලුමට සරිලන ලෙස සැපයුම නොමැතිවීම නිසා රුපියල මෙසේ ඓතිහාසික ලෙස අවප්‍රමාණය වී ඇත.
ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය මහ බැංකුවේ මැදිහත් වීමකින් තොරව නිදහසේ තීරණය වීමට ඉඩ ලබාදීමත් සමග මුදල් වෙළඳ පොළේදී රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව කැපී පෙනෙන ලෙස දිගින් දිගටම අවප්‍රමාණය වෙමින් තිබේ.
මහ බැංකුව විසින් අවශ්‍ය අවස්ථාවකදී හැර විදේශ විනිමය වෙළඳ පොළට කරන මැදිහත්වීම මේ වනවිට නතර කර ඇත.
Video Story