September, 16, 2015
මෙරට ප්‍රමුඛතම ඊ- වාණිජ්‍ය වෙබ් අඩවියක් වන වන wow.lk අයත් වන Digital Commerce Lanka සමාගමේ සියයට 54.29 ක් හෙවත් සාමාන්‍ය කොටස් 740,000 ක ප්‍රමාණය ඩයලොග් ආසිආටා සමූහයට පූර්ණ අනුබද්ධ Digital Holding Lanka සමාගම විසින් රුපියල් මිලියන 247.9 කට මිලදීගෙන තිබේ.
ඩයලොග් විසින් මීට පෙර Digital Commerce Lanka සමාගමේ සියයට 45.71 ක කොටස් මිලදී ගෙන තිබුණි.
නව කොටස් මිලදී ගැනීමත් සමග Digital Commerce Lanka සමාගමේ කොටස් වලින් සියයට 54.29 ක් Digital Holding Lanka සමාගමට අයත්වන අතර සියයට 45.71 ක ප්‍රමාණය අයත් වන්නේ ඩයලොග් ආසිආටා සමූහයටයි.
තවත් විදියකින් කියනවා නම් wow.lk වෙබ් අඩවිය අයත්වන Digital Commerce Lanka සමාගම මේ වනවිට සම්පූර්ණයෙන්ම අයත් වන්නේ ඩයලොග් ආසිආටා සමූහයටයි.
wow.lk වීමට පෙර මෙම වෙබ් අඩවිය හැඳින්වූයේ anything.lk ලෙසයි.
Video Story