බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි හෙක්ටයාර 22ක පමණ රජයේ ඉඩම් කොටසක් සීමාසහිත පැල්වත්ත කිරි කර්මාන්ත ආයතනයට වසර 30ක කාලයක් සඳහා දීර්ඝකාලීන බදු පදනම මත ලබා දීම පිණිස ඉඩම් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
මේ අතර පසුගිය දා මෙරට දැවැන්තම දේශීය කිරි නිෂ්පදකයා වන පැල්වත්ත සමාගම 2021 වසර සඳහා රජය විසින් ඉදිරිපත් කරන ලද අයවැය යෝජනාවන් හි දේශීය කිරි කර්මාන්තය ඇතුළු දේශීය ආහාර නිෂ්පාදනය හා නගා සිටුවීම වෙනුවෙන් කර ඇති යෝජනාවන් පිළිබඳ සිය ප්‍රසාදය පල කර සිටියේය.