දේශීය ආර්ථිකයට මෙන්ම දේශීය සංවර්ධනයට දායක වෙන ප්රධාන කොටස්කරුවන් වන දේශීය ව්යවසායකයන් වෙනුවෙන් ව්යසායක හැඳුනුම්පතක් නිකුත් කිරීමේ සමාරම්භක අවස්ථාව කොළඹ ව්යාපාරික සංගමය සභාපති ආරියසීල වික්රමනායක මහතා අතින් කොළඹ ෂැංග්රිලා හෝටලයේ දී පසුගිය (13) දා සිදුකරන ලදී.
රාජ්ය ආයතනයකට බැංකුවකට පෞද්ගලික ආයතනයකට ව්යාපාරික මහතකු පැමිණිය හොත් ඔහු හෝ ඇය හඳුනාගැනීමේ ක්රමවේදයක් අප රට තුළ මෙතෙක් පැවතියේ නැත. එනම් ඔවුන්ගේ අනන්යතාවය පෙන්වීමට නම් ව්යාපාර ලියාපදිංචිය, බැංකු ගිණුම් වාර්තා හා ආදායම් බදු ලිපිගොනු පෙන්විය යුතුය. එමෙන්ම විදේශ රටක ව්යාපාරික අවස්ථාවකට සහභාගි වුවද ඔහු හෝ ඇය ශ්රී ලාංකික ව්යවසායකයෙකු ලෙස හඳුනා ගැනීමට ක්රමවේදයක් මෙතෙක් කල් නොතිබිණ.
දීර්ඝ කාලයක් තිස්සේ පැවති මෙම කරුණු කාරණා සැලකිල්ලට ගෙන, "ව්යවසායක කාර්යාංශය" මගින් විශ්ව විද්යාල මහාචාර්යවරුන් ගෙන් මහ බැංකු හිටපු අධ්යක්ෂකවරුන්, නීති ක්ෂේත්රයේ ප්රවීනයන් සහ ප්රවීණ ව්යාපාරිකයන්ගෙන් සැදුම්ලත් කමිටුවක් විසින් මෙම ව්යසායක හැඳුනුම්පත නිර්දේශ කිරීම කරනු ලබයි. මේ සඳහා දිවයිනේ ඕනෑම ව්යවසායකයකු ට ඉල්ලුම් කල හැකි අතර පහත සඳහන් සුදුසුකම් ඔවුන් විසින් සපුරාලිය යුතුය.
(1) ව්යාපාර ලියාපදිංචිය. (අවුරුදු තුනකට නොඅඩු විය යුතුය).
(02) ව්යාපාරය සඳහා ස්ථානිය ලිපිනයක්.
(03) ව්යාපාරය සඳහා බැංකු ගිණුමක්.
(04) ව්යාපාරික සංගමයක වෙළඳ සංගමයක සාමාජිකයෙකු වීම යන කරුණු ඔවුන් විසින් සපුරාලිය යුතුය.
උපුටා ගැනීම - Colombo Business Association ෆේස්බුක් පිටුවෙනි