January, 18, 2021
2020 වසරේ නොවැම්බර් මස අවසාන වන විට පැවති දළ නිල සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 5.6 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක සඳහන් වේ.
මෙම මට්ටම ආනයනික මාස 4.1කට සමාන විය.
දළ නිල සංචිත හා හා බැංකු අංශයේ විදේශීය වත්කම්වලින් සමන්විත වන මුළු විදේශීය වත්කම් ප්‍රමාණය 2020 වසරේ නොවැම්බර් මාසය අවසානයේ දී මාස 6.2ක ආනයන ආවරණය කිරීමට ප්‍රමාණවත් පරිදි එක්සත් ජනපද ඩොලර් බිලියන 8.4ක් බව මෙම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
Video Story