Signature සිය ශාඛා ජාලය පුළුල් කරමින් හලාවතට සහ Marino වෙළඳ සංකීර්ණයට පිවිසෙයි

    January, 19, 2021

    ශ්‍රී ලංකාව තුළ නිර්මාණය කරන පුරෝගාමී පිරිමි ඇඟලුම් සන්නාමයක් වූ  Signature , සිය ශාඛා ජාලය දිවයින පුරා ව්‍යාප්ත කිරීමේ අරමුණින් නවතම ප්‍රදර්ශනාගාර දෙකක් කොළඹ 03  Marino  වෙළඳ සංකීර්ණයේදී සහ හලාවතදී පසුගියදා විවෘත කරන ලදී. හලාවතදී විවෘත කරන ලදී Signature-X ප්‍රදර්ශනාගාරය නො. 54, පුත්තලම පාර, හලාවත යන ලිපිනයෙහි පිහිටා ඇති අතර Signature Store  ප්‍රදර්ශනාගාරය කොළඹ 03  Marino වෙළඳ සංකීර්ණයේ බිම් මහලේ ස්ථාපිතය. මෙම නව ශාඛා දෙක විවෘත කිරීමත් සමඟ දිවයින පුරා පිහිටා ඇති Signature ප්‍රදර්ශනාගාර ගණන අටක් දක්වා වර්ධනය වී ඇති අතර ජනවාරි මස අග වන විට තවත් නව ප්‍රදර්ශනාගාරයක් පානදුරදී විවෘත කිරීමට සමාඟම මේ වන විටත් කටයතු සලසා අවසන්.

    මෙම නව ප්‍රදර්ශනාගාරයන් වෙතින් ශ්‍රී ලාංකික තාරුණ්‍යට ඉහළ තත්වයේ සුවිශේෂී විලාසිතා සහ හැඩයන්ගෙන් නිමැවූ  formal, ceremonial, smart casual, casual, linen, party, suits, කමිස,  blazers සහ කලිසම් ආදීයේ විශාල පරාසයක Signature සන්නාමයේ පිරිමි ඇඟලුම් වර්ග රැසක් ලබාගැනීමේ අවස්ථාව ලබාදෙයි. එසේම මෙම ප්‍රදර්ශනාගාර තුළ පුළුල් පරාසයක හම් නිෂ්පාදන සහ තමන් අපේක්ෂා කරන විලාසිතාවන්ට වඩාත් ගැළපෙන පිරිමි පැළඳුම් වර්ගත් එකම වහලක් යටින් තෝරා ගැනීමේ අවස්ථාව ඔබට ලැබී ඇත. සුවිශේෂී සංකල්පයක් මත ඉදිකළ මෙම ප්‍රදර්ශනාගාරයන් ඇතුළත අවකාශය හරහා ප්‍රදර්ශනයට තබා තිබෙන විවිධ විලාසිතාවන් වඩාත් නිදහසේ නරඹමින්, ඒවායේ හැඩය සහ තමන්ට ගැළපෙන ලෙස තෝරාගනිමින්, ඒවා ඇඳ බලා තමන් කැමති ඇඳුම තෝරා ගැනීමේ පහසුව ද නිර්මාණය කර තිබේ.  

    Signature සහ  Le Bond  සන්නාමයන්ද ඇතූළුව ප්‍රමුඛ සන්නාමයන් රැසකින් නව ප්‍රදර්ශනාගාරයන් දෙකම සමන්විතය.  Made-to-Order (MTO)  සහ  Made-to-Measure (MTM)  යන ක්‍රමවේදයන් දෙකටම තමාගේ ශරීරයේ හැඩයට ගැළපෙන ඇඳුම නිර්මාණය කරගැනීමේ අවස්ථාව Signature Tailoring  සේවාව හරහා නව ප්‍රදර්ශනාගාරයන් වලදී ලබාගත හැක.  Made-to-Order (MTO) ක්‍රමවේදය යටතේ විවිධ රෙදි වර්ගවලින්, විවිධ ප්‍රමාණයෙන් සහ විවිධ විලාසිතාවන්ට අනුව පෙර මසා නිමකළ ඇඳුම්වර්ග විශාල ප්‍රමාණයක් ලබාගැනීමේ අවස්ථාව සහ  Made-to-Measure (MTM) ක්‍රමවේදය යටතේ නිමැවූ විවිධ වූ රෙදි වර්ග රැසක් අතරින් තමන් කැමති රෙදි වර්ගයක් තෝරාගෙන තමාගේ ශරීර ප්‍රමාණයට ගැළපෙන ඕනෑම විලාසිතාවක ඇඳුමක් මසා නිමකරගැනීමේ පහසුකම මෙහි දී ලබාදෙයි. මීට අමතරව, කාන්තා විලාසිතාවන් රැසක් ද හලාවත ප්‍රදර්ශනාගාරයේ  දී මිලදී ගැනීමේ අවස්ථාව උදාකර දී තිබේ.

    මේ පිළිබඳ සිය අදහස් දැක්වූ Signature සන්නාම කළමනාකරු අම්ජාඩ් හමීඩ් මහතා, “ශ්‍රී ලංකාවේ වැඩිම විශ්වාසයක් හිමි තරුණ පිරිමි සන්නාමයක් ලෙස Signature නව ප්‍රදර්ශනාගාරයන් දෙකක් කොළඹ 03  Marino  වෙළඳ සංකීර්ණයේදී සහ හලාවතදී විවෘත කිරීමට ලැබීම අපට ඉමහත් ආඩම්බරයක්. මේ හරහා කොළඹ ඇතූලත මෙන්ම කොළඹින් පිටතත් වෙසෙන අපගේ පාරිභෝගික ප්‍රජාව සමඟ සම්බන්ධ වීමට අපට අවස්ථාව හිමි වෙනවා. මෙම නව ශාඛාවන් දෙක සහ පානදුරදී විවෘත කිරීමට නියමිත ප්‍රදර්ශනාගාරයත් සමඟින Signature සන්නාමය, අළුත් පාරිභෝගිකයන් වෙත ගෙන යාමට සහ දිවයින පුරා ව්‍යාප්ත කිරීමට අප බලාපොරොත්තූ වනවා.”

    1989 වසරේ දී ස්ථාපිත කළ Signature සන්නාමය,  formal  සහ  casual ඇඟලුම් කාණ්ඩ යටතේ මුදලේ අගයට ඉහළ වටිනාකමක් ඇති ඇඳුම් නිෂ්පාදනයක ලෙස තම නාමය ඉහළට නංවා ගනිමින් සහ ශ්‍රී ලංකාව තුළ වඩාත් විශ්වාසය දිනූ පිරිමි ඇඟලුම් සන්නාමය ලෙස ඉදිරියට පැමිණෙමින් තම මෙහෙයුම් පවත්වාගෙන යයි. තරුණ පරම්පරාවේ පෞර්ෂත්වය වර්ධනය කරමින් ඔවුන් තුළ විශ්වාසය ගොඩනැංවීමේ හැකියාව ප්‍රකට කළ Signature  සන්නාමය විචිත්‍රවත් සහ කැපීපෙනෙන ඇඳුම් විලාසිතාවන් පිරිමි පාර්ශවය වෙත හඳුන්වාදෙමින් විලාසිතාවන්ගෙන් පිරි ජීවන රටාවක් සමාජය වෙත නිර්මාණය කළේය. ප්‍රධාන විධායක නිලධාරියෙක් වීමට සිහින දකින අධ්‍යාපන හදාරන තරුණයන්ට, තරුණ විධායක නිලධාරීන්ට සහ කණිෂ්ඨ කළමනාකරුවන්ට දිනක තමන්ගේ සිහිනය වෙත යාමේදී වඩාත් වැදගත් ආකර්ෂණීය පෙනුම ලබාදෙන අතිශය සුවිශේෂී ඇඳුම් නිර්මාණ රැසක් Signature  සන්නාමය විසින් ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාවට එළිදක්වා තිබේ.


    ඡායාරූප විස්තරය - (වමේ සිට දකුණට): කොළඹ 03  Marino වෙළඳ සංකීර්ණයේ පිහිටි නව Signature ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වූ හමීඩියා ආයතනයේ සහකාර කළමනාකාර අධ්‍යක්ෂ හුසේන් සාදික් මහතා, උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා, ගෞරවනීය ආරාධිත අමුත්තා වූ Diliganz ආයතනයේ මෙහෙයුම් ප්‍රධානී රන්දික අබේරත්න මහතා සහ Signature සන්නාම කළමනාකාර අම්ජාඩ් හමීඩ් මහතා.