ඉන්ධන මිල අඩුකිරීමෙන් පසු තෙල් සංස්ථාවේ ලාභ දියවූ හැටි

    September, 24, 2015

    ලෝක වෙළඳ පොළේ ඛනිජ තෙල් මිල අඩුවීම හමුවේ මේ වසරේ මුල් මාස දෙක තුළ ලංකා ඛනිජ තෙල් සංස්ථාව සුළු ලාභයක් ලබා තිබුණත් රජය විසින් මෙරට වෙළඳ පොළේ අලෙවිකරන ඩීසල්, පෙට්රල් සහ භූමිතෙල්වල මිල ගණන් අඩුකිරීමෙන් පසුව සංස්ථාව පාඩු ලබා තිබෙන බව හෙළිවේ.

    මුදල් අමාත්‍යංශය නිකුත් කර තිබෙන 2015 මධ්‍ය වාර්ෂික පිස්කල් තත්ත්ව වාර්තාවෙන් (Mid-Year Fiscal Position Report 2015) අනාවරණය වන්නේ මේ වසරේ ජනවාරි මුල සිට රජය විසින් මෙරට වෙළඳ පොළේ අලෙවි කරන ඉන්ධන මිල ගණන් අඩුකිරීමෙන් පසුව 2015 මුල් මාස 04 තුළදී තෙල් සංස්ථාව රුපියල් බිලියන 05 ක අලාභයක් වාර්තා කර තිබෙන බවයි.

    ගිය වසරේ අදාළ කාලයේදී තෙල් සංස්ථාව රුපියල් බිලියන 02 ක ලාභයක් ලබා තිබුණි.

    2015 මුල් මාස 04 තුළදී තෙල් සංස්ථාව විසින් ආනයනය කළ ඉන්ධනවල මිල රුපියල් බිලියන 90 ක්වූ බව මෙම වාර්තාවෙන් හෙළිවේ.

    මෙය ගිය වසරේ මුල් මාස හතර සමග සැසඳීමේදී සියයට 22 ක පහළ යාමක් වන අතර ගිය වසරේ මුල් මාස හතර තුළදී තෙල් සංස්ථාව විසින් රුපියල් බිලියන 115 ක ඉන්ධන ආනයනය කර ඇත.