January, 27, 2021
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් පිරිනමනු ලබන “කොවිඩ්˗19 ආරක්ෂණ කළමනාකරණ පද්ධති” (COVID-19 Safety Management System) සහතිකය හිමිකරගත් මෙරට මුල්ම ආහාරපාන සමාගම් අතරට තේරී පත්වීමට නෙස්ලේ ලංකා සමාගම පසුගියදා සමත්විය. මෙම සහතිකය හරහා, නෙස්ලේ සමාගමට අයත් සියලු කාර්යාල හා කර්මාන්තශාලා පරිශ්‍ර, කොවිඩ්˗19 අවදානමෙන් ආරක්ෂා කර ඇති බව සහතික කෙරේ. තව ද සමාගමේ සියලු ක්‍රියාකාරකම්, නිෂ්පාදන හා සේවා සැපයීමේදී සෞඛ්යාරක්ෂක උපදෙස් නිසි අයුරින් පිළිබදින බව ද ඉන් අදහස් කෙරේ.
“ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ දැඩි අවධානයක් යොමු කරන, වගකීම් සහගත ආයතනයක් වශයෙන් අපගේ සේවකයින්, ව්‍යාපාර හවුල්කරුවන් හා ප්‍රජාවන් වසංගතයෙන් ආරක්ෂා කරගැනීම සඳහා අපි දැඩිව වෙහෙසෙනවා. එවන් පසුබිමක අපගේ සෞඛ්‍යාරක්ෂණ ක්‍රියාවලියට මෙවන් වටිනා සහතිකයක් හිමිවීම අපට විශාල සතුටක්. අප හා බැඳී සිටින ජනතාවගේත්, අපගේ නිෂ්පාදනවලත් ආරක්ෂාව, අපි ප්රමුඛත්වයෙහිලා සලකනවා. එම නිසා ඉදිරියටත්, අපගේ සියලු ආයතනික පරිශ්‍ර සහ අපගේ වටිනාකම් දාමය පුරාවටත් දැඩි සෞඛ්යාරක්ෂිත ප්රමිතීන් අනුගමනය කිරීමට අපි කැපවී සිටිනවා” යනුවෙන් නෙස්ලේ ලංකා කළමනාකාර අධ්යක්ෂ ෆැබ්රිස් කැවලින් මහතා පැවසීය.
නෙස්ලේ සමාගම වෙත මෙම ර්ණකොවිඩ්˗19 ආරක්ෂණ කළමනාකරණ පද්ධති” සහතිකය හිමිවූයේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිර්දේශ සැළකිල්ලට ගනිමින් සිදුකළ පුළුල් විගණනයකින් අනතුරුව ය. නිරන්තරව සිදුකරන විගණන කටයුතු හරහා එම ප්‍රමිතීන්ට අනුකූලව අඛණ්ඩව කටයුතු සිදුවන්නේ ද යන්න, නැවත නැවතත් පරීක්ෂාවට බඳුන් කෙරෙනු ඇත.
සේයාරුව : නෙස්ලේ කළමනාකාර අධ්යක්ෂ ෆැබ්රිස් කැවලින් මහතා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්යක්ෂ ජෙනරාල් ආචාර්ය සිද්ධිකා සේනාරත්න මහත්මිය අතින් ‘කොවිඩ්-19 ආරක්ෂණ කළමනාකරණ පද්ධති’ සහතිකය ලබාගත් අයුරු

නෙස්ලේ ලංකා සමාගමේ කුරුණෑගල කර්මාන්තශාලාවේ සේවකයෙක්