February, 8, 2021
මේ වන විට නිෂ්පාන ධාරිතාවය ඉහළ නැවීම සඳහා තම සමාගම පමණක් රුපියල් බිලියන 5 ක අයෝජනයක් කර ඇති බවත් ඒ අනුව ඉදිරි මාස 04ක 05 ක පමණ කාලය තුළ දී සිය නිෂ්පාදන ධාරිතාවය සියයට 300කින් ඉහළ යන බවත් මැක්ටයිල්ස් ලංකා සමාගමේ සාමාන්‍යාධිකාරී (විකුණුම් සහ අලෙවි) නිරෝෂන් පනන්වල මහතා පවසයි. වර්තමානයේ ටයිල් වෙළෙපොළ මුහුණ පා ඇති අර්බුදකාරීත්වය පිළිබඳ කළ විමසීමක දී ඔහු මේ බව කියා සිටියේය. ඒ අනුව ඉදිරියේ දී අඩු මිලට හොඳ දේශීය නිෂ්පාදිතයක් පාරිභෝගිකයාට ලබා දීමට හැකිවනු ඇි බව පනන්වල මහතා වැඩිදුරටත් අද දෙරණ වෙත පැවසීය.
“සමහරක් වෙළෙදුන් අපෙන් ඉතා අඩුමිලට අරගෙන ලොකු ලාභ ලබා ගැනීම සඳහා මිල ගණන් වැඩි කරලා විකුණනවා.”
“අප සමාගම පමණක් රු. බිලියන 5කට වැඩිය ආයෝජනය කරලා තියෙනවා අපේ ධාරිතාවය වැඩි කරන්න.”
“ඒ ආයෝජනයත් ඒක්ක තව මාස හතරකින් පහකින් අපේ ධාරිතාවය සියයට 300කින් වැඩිවෙනවා. ධාරිතාවය වැඩිවෙන්න වැඩිවෙන්න මිල ගණන් පහළ යනවා. ඒතකොට අපිට පාරිභෝගිකයාට අඩුමිලකට හොඳ දේශීය නිෂ්පාදිතයක් ලබා දෙන්න පුළුවන්.”
Video Story