රේණුකා සිටි හොටෙල් මිලියන 300 කින් අළුතින් වෙස්බදී

    September, 30, 2015

    වැඩිදියුණු කරන ලද රේණුකා සිටි හොටෙල් ඊයේ (29) යළි විවෘත කළ අතර නවීන පහසුකම් රැසක් හෝටලයට එක්කිරීමට මෙම නවීකරණ ව්‍යාපෘතියට හැකියාව ලැබී තිබේ.

    මේ සඳහා දරන ලද වියදම රු. මිලියන 300 ඉක්මවන අතර ඊට මාස 8 ක කාලයක් ගතවිය. ඒ අනුව දැන් ශ‍්‍රී ලංකාවේ වාණිජ අගනුවර වන කොළඹ නගරයේ පිහිටි තරු පන්තියේ හෝටලයක් ලෙස රේණුකා සිටි හොටෙල් විවෘත වී ඇත.

    රේණුකා හෝටල් සමූහය නව ආකාරයකට සන්නාම ගැන්වීමේ එක් වැදගත් පියවරක් වන මේ යටතේ ‘හොටෙල් රේණුකා’ සහ ‘රේණුකා සිටි’ යන හෝටල් එකට එක්වී ‘රේණුකා සිටි හොටෙල්’ බවට පත්වී ඇත. වර්තමානයේ බොහෝ සංචාරකයන් සහනදායී ගාස්තු යටතේ ඉහළ තලයේ පහසුකම් අපේක්ෂා කරන නිසා එම අවශ්‍යතාව සපුරාලන පරිදි තම හෝටල්වල පහසුකම් වැඩිදියුණු කිරීමට රේණුකා හෝටල් සමූහය කටයුතු කර තිබේ.

    මෙම හෝටලය ආරම්භ කර තිබෙන්නේ 1972 වසරේදීයි.

    r01r02r3r5

    Video Story

    Stock Market

    Exchange Rates