October, 1, 2015
නව රජය බලයට පත්වීමෙන් පසුව ඔවුන් යහපාලනයට දක්වන කැපවීම හමුවේ ඇමරිකානු සමාගම් ශ්‍රී ලංකාවේ ආයෝජනයට වැඩි උනන්දුවක් දක්වා ඇතැයි ඇමරිකාවේ මෙරට තානාපති අටුල් කෙෂාප් (Atul Keshap) කියයි.
ඔහු මේ බව සඳහන් කළේ ඇමරිකානු වාණිජ මණ්ඩලයේ (American Chamber of Commerce) 23 වන වාර්ෂික රැස්වීමේදී අදහස් දක්වමිනුයි.
විනිවිදභාවයකින් යුතු පාලනයක් ඇති කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දුවී තිබීම පිළිබඳව තමන් ස්තූතිවන්ත වන බවද ඇමරිකානු තානාපතිවරයා කීය.
ඇමරිකාව විසින් ලංකාවේ බලශක්ති, ප්‍රවාහනය සහ අනිකුත් අංශවල තිබෙන ආයෝජන අවස්ථාවන් පිළිබඳව සොයා බලමින් සිටින බව ඔහු පැවසීය.
Video Story