ලංකා බැංකුවට බිලියන අටක් තීන්දුයි

    October, 1, 2015

    රුපියල් බිලියන 08 ක මුදලක් රැස්කර ගැනීම සඳහා ලංකා බැංකුව විසින් අද සිදුකළ ණයකර නිකුතුව සඳහා අධි ඉල්ලුමක් ඇතිවී තිබේ.

    මෙම ණයකර නිකුතුව යටතේ එකක් රුපියල් 100 ක් වන ණයකර මිලියන 50 ක් මුලින් නිකුත් කළ අතර අධි ඉල්ලුමක් ඇතිවන්නේ නම් තවත් ණයකර මිලියන 30 ක් නිකුත් කරන බව බැංකුව සඳහන් කර තිබුණි.

    මේ අනුව, මෙම නිකුතුව සඳහා රුපියල් බිලියන 08 ක් ඉක්මවන ලංසු ලැබී ඇතැයි බැංකුව සඳහන් කරයි.

    මෙම නිකුතුව අද සවස 4.30 ට අවසන් කර ඇත.

    Video Story

    Stock Market

    Exchange Rates