LOLC ණයකර නිකුතුවට අධි ඉල්ලුමක්. රු. බිලියන 10 ක් රැස්කර ගනී

    February, 18, 2021

    LOLC හෝල්ඩිංග්ස් පීඒල්සී විසින් අද (18) දින විවෘත කරන ලද ණයකර නිකුතුව සඳහා අධිදායකත්වයක් ලැබී ඇති බව වාර්තා වේ.

    ලැයිස්තුගත, ශ්‍රේණිගත, ජ්‍යෙෂ්ඨ, අනාරක්ෂිත, නිදහස් කළ හැකි ණයකර මිලියන 75 ක් ඒකක් රු. 100.00 ක් බැගින් නිකුත් කිරීම සඳහා මූලිකව සැලසුම් කර තිබුණුු අතර අධිදායකත්වයක් ඇතිවුවහොත් විකල්පයක් ලෙස තවත් ණයකර මිලියන 25 ක් නිකුත් කිරීමට මෙහිදී සැලසුම් කර තිබුණි.

    මේ අතර මෙම නිකුතුවේ රෙජිස්ට්‍රාර් සමාගම අද දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී ඇත්තේ රු. බිලියන 10 ක් ඉක්මවූ අයදුම්පත් සංඛ්‍යාවක්, නිකුතුව වෙනුවෙන් ලැබී ඇති බවයි. ඒබැවින් සංස්ථා ප්‍රකාශයට අනුව අද පස්වරු 4.30 ට නිකුතුව වසා දැමීමට කටයුතු කළ බව ඒම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.