මහ බැංකුවෙන් නියෝගයක් – අපනයනයෙන් ලද මුදල් දින 180 ක් ඇතුළත ශ්‍රී ලංකාවට ගෙන්විය යුතුයි

    February, 19, 2021

    අපනයනය මගින් ලද මුදල් ශ්‍රී ලංකාව වෙත ලැබීම සහ එකී මුදල් ශ්‍රී ලංකා රුපියල් බවය පරිවර්තනය කිරීමට අදාළ රීතී න් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබේ.

    ඒ අනුව සෑම භාණ්ඩ අපනයනකරුවෙකුම, නැවත දැනුම්දෙන තුරු, අපනයනය කරන ලද සියලු භාණ්ඩවලට අදාළව අපනයනය කිරීමෙන් ලද මුදල්, භාණ්ඩ නැව්ගත කරන ලද දිනයේ සිට දින 180 ක් ඇතුළත ශ්‍රී ලංකාවට ගෙන්විය යුතුය.

    එසේම සෑම භාණ්ඩ අපනයනකරුවෙකුම මේ යටතේ ඉල්ලා ඇති පරිදි අපනයනය මගින්  ලද මුදල් ලැබුණු වහාම, බලපත්‍රලාභී බැංකුවක් මගින් එකී අපනයනය මගින් ලද මුළු මුදලින් 25% ක් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කළ යුතු බවට අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුටත් කියා සිටී.

    අදාළ ගැසට් නිවේදනය පහතින් දැක්වේ.