October, 6, 2015
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පුළුල් කිරීම සඳහා ජපානය විසින් ඩොලර් මිලියන 380 ක (යෙන් බිලියන 45.4 ක) ණය මුදලක් ලබාදෙන බව ජපාන විදේශ අමාත්‍යංශය සඳහන් කර තිබේ.
මෙයට අදාළ ගිවිසුම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ වනවිට ජපානයේ සිදුකරන සංචාරයේදී නිවේදනය කරන අතර ශ්‍රී ලංකාවේ නාවික අංශයේ ආරක්ෂාව වෙනුවෙන් සහයෝගය ලබාදීම සඳහාද ජපානය කැමැත්ත පළකර ඇත.
මෙවැනි ගිවිසුමක් අත්සන් කිරීම සඳහා පසුගියදා කැබිනට් අනුමැතිය හිමිවූ අතර 2020 වනවිට බණ්ඩාරනායක ගුවන් තොටුපොළ මගින් වසරකට හසුරුවන මගීන් ප්‍රමාණය මිලියන 15 ක් දක්වා වර්ධනය කිරීම මෙම ඉදිකිරීම් සහ පහසුකම් පුළුල් කිරීම මගින් අපේක්ෂා කර තිබෙන බව රජය සඳහන් කරයි.
මේ වනවිට, මෙම ගුවන් තොටුපොළ මගින් වසරකට මගීන් මිලියන 07 ක් පමණ හසුරුවන අතර එය උපරිම මට්ටමකට ළඟාවී තිබේ.
Video Story