October, 7, 2015
ශ්‍රී ලංකාවට පැමිණෙන අමුත්තන්ට සහ මෙරටින් පිටවී යන ශ්‍රී ලාංකිකයින්ට එම්බාර්ක් සන්නාමයට අයත් ඇඟලූම් සහ විලාසිතා සපිරි ආයිත්තම් මිලදී ගැනීම සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ස්වාධීන එම්බාර්ක් අලෙවිසැලක් ආරම්භ කර තිබේ.
ගාලූ කොටුවේ පළමු එම්බාර්ක් ස්වාධීන අලෙවිසැල විවෘත කිරීමෙන් පසුව ආරම්භ කළ ඉතාමත් විචිත්‍රවත් මෙම අලෙවිසැල තුළ විලාසිතා වලින් සපිරි නව එම්බාර්ක් ඇඟලූම් පෙළක්, විලාසිතා ආයිත්තම් සහ මිනිසුන් මෙන්ම සතුන් වෙනුවෙන් ත්‍යාග භාණ්ඩ අලෙවි කරනු ලබයි. මෙම අලෙවිසැල පිහිටා තිබෙන්නේ ගුවන් තොටුපලේ පිටත්වීමේ පර්යන්තයේ තීරුබදු රහිත භාණ්ඩ අලෙවි කරනු ලබන පළමු මහලේයි.
මෙම භාණ්ඩ අලෙවිය මගින් උපයා ගන්නා මුදල් වලින් කොටසක් මෙරට වීදි සුනඛයින් සහ ප්‍රජාවගේ ශුභ සාධනය වෙනුවෙන් වෙන් කරනු ලබයි. මේ තුළින් මෙරට වීදි සුනඛයින්ගේ ශුභ සාධන කටයුතු වෙනුවෙන් එම්බාර්ක් සන්නාමය කැපවී සිටීම කැපී පෙනේ.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ පිහිටි එම්බාර්ක් ස්වාධීන අලෙවි සැලට අමතරව ගුවන් තොටුපොළේ පිහිටි ‘Luv SL’ අලෙවි සැලෙන්ද එම්බාර්ක් සන්නාමයට අයත් භාණ්ඩ මිලදීගත හැකි අතර එහි එම්බාර්ක් අලෙවි සැලේ අලෙවි කරන භාණ්ඩ වලට වෙනස් වූ භාණ්ඩ අලෙවි කරයි. මේ තුළින් ජාත්‍යන්තර ගනුදෙනු කරුවන්ට පුළුල් පාරාසක විහිදුණු එම්බාර්ක් භාණ්ඩ මාලාවක් මිලදීගැනීමේ අවස්ථාව හිමිවේ.


Video Story