චීන – පාකිස්තාන CPEC ව්‍යාපෘතියට එක්වන්නැයි අගමැති ඉම්රාන් ඛාන් ගෙන් ශ්‍රී ලංකාවට ඇරයුමක්

    February, 25, 2021

    චීනයේ Belt and Road මුලපිරීමේ කොටසක් වන China–Pakistan Economic Corridor (CPEC) ව්‍යාපෘතියට සම්බන්ධ වන ලෙස පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ශ්‍රී ලංකාවට ආරාධනය කරයි. ඊයේ (24) කොළඹ දී පැවති, 2021 පාකිස්තාන - ශ්‍රී ලංකා වෙළඳ හා ආයෝජන සමුළුව අමතමින් පකිස්තාන අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    මෙහිදී වැඩිදුරටත් පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පැවසුවේ, මෙම ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලාංකීය ව්‍යාපාරිකයින්ට Gwadar වරායේ සිට උස්බෙකිස්තානය සහ මධ්‍යම ආසියාව වෙත සම්බන්ධ වීමේ අවස්ථාව ශ්‍රී ලාංකීය ව්‍යාපාරිකයින්ට හිමිවන බවයි.

    China–Pakistan Economic Corridor (CPEC) යනු 2013 සිට පාකිස්තානය පුරා ඉදිවෙමින් පවතින යටිතල පහසුකම් ව්‍යාපෘති එකතුවකි. ආරම්යේ දී ඩොලර් බිලියන 47 ක් වූ මෙම ව්‍යාපෘතිවල වටිනාකම 2020 වන විට ඩොලර් බිලියන 62 ක් දක්වා වර්ධනය වී ඇත. නවීන ප්‍රවාහන ජාල, බලශක්ති ව්‍යාපෘති සහ විශේෂ ආර්ථික කලාප ඉදිකිරීම මගින් පකිස්තානයට අවශ්‍ය යටිතල පහසුකම් වේගයෙන් වැඩිදියුණු කිරීම සහ ආර්ථිකය ශක්තිමත් කිරීම CPEC හි අරමුණයි.