ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය, ශ්‍රී ලංකාවේ වඩාත්ම ඇගයීමට පාත්‍ර වූ සමාගම් 10 අතරට එක්වෙයි

    March, 9, 2021

    ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය, 2020 වසරේදී ශ්‍රී ලංකාවේ වඩාත්ම ඇගයීමට පාත්‍ර වූ සමාගම් 10 අතරට පසුගියදා එක්විය. ගෙවුණු වසර 160ක කාලයක් පුරාවට ශ්‍රී ලාංකිකයින් සවිබල ගැන්වීමට අඛණ්ඩව කැපවුණු ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය, එම කාලය පුරාවට සෙසු සමාගම් හා ව්‍යවසායකයින්ට ආදර්ශයක් වෙමින්, විශිෂ්ට මූල්‍ය ජයග්‍රහණ ලබාගනිමින් සහ සමාජය වෙනුවෙන් ඉටු කළ විශිෂ්ට සේවාව හේතුවෙන් මෙම වටිනා සම්මානය හිමිවිය.

    වඩාත් ඇගයීමට පාත්‍ර වූ සමාගම් සම්මාන උළෙල යනු ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය සහ කළමනාකරණ ගණකාධිකාරවරුන්ගේ වරලත් ආයතනය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන්නකි. එහි 2020 වසර සඳහා වූ සම්මාන ප්‍රදානෝත්සවය පසුගියදා පැවැත්වුණි.

    එහිදී ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ලලිත් සෙනෙවිරත්න (වමේ සිට දෙවැන්නා), සහ ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන විධායක නිලධාරී කිත්ති පෙරේරා (වම්පස කොණේ) යන මහත්වරු, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අතින් සම්මානය ලබාගත්හ.