October, 12, 2015
මෝටර් රථවල මිල වැඩිවීම ක්රියාත්මක වීමට පෙර මෝටර් රථ මිලදී ගැනීමට තිබෙන දැඩි උනන්දුව පෙන්නුම් කරමින් එක් මාසයක් තුළ මෙරට වැඩිම මෝටර් රථ ගණනක් ලියාපදිංචි වූ මාසය බවට පසුගිය සැප්තැම්බර් මාසය පත්ව තිබේ.
මේ අනුව, 2015 සැප්තැම්බර් මාසයේදී මෝටර් රථ 14,301 ක් මෙරට ලියාපදිංචි වී තිබෙන බව නවතම දත්ත මගින් අනාවරණය වන අතර මෙය මසක් තුළ මෙතෙක් ලියාපදිංචි වූ වැඩිම මෝටර් රථ ප්රමාණයයි.
පසුගිය අගෝස්තු මාසයේදීද මෝටර් රථ 9,107 ක් මෙරට ලියාපදිංචි කර තිබුණි.
රුපියල අවප්රමාණය වීම, මෙරට මාර්ගවල අධික වාහන තදබදය ඇතුළු ප්රශ්න වලට විසඳුමක් ලෙස රජය විසින් මෝටර් රථවල බදු වැඩිකර තිබෙන අතර එම බදු ක්රියාත්මක වීමට පෙර මෝටර් රථ මිලදී ගැනීමට බොහෝ දෙනෙකු උනන්දුවීම නිසා මේ ආකාරයෙන් මෝටර් රථ ලියාපදිංචිය විශාල ලෙස වැඩිවී ඇත.
ලංකා වාහන ආනයනය කරන්නන්ගේ සංගමයේ සභාපති, ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා අප සමග පැවසුවේ වැඩිකළ බදු වලට අඩුවෙන් දැනට ගෙන්වා තිබෙන මෝටර් රථ මිලදී ගැනීමට හැකි නිසා මෙම උනන්දුව ඇතිවී තිබෙන බවයි.
“මේ නිසා, වාහන අලෙවියේ විශාල වර්ධනයක් පසුගිය දිනවල සිදුවුණා.“ යනුවෙන් මෙරෙංචිගේ මහතා කීය.
ජපන් මෝටර් රථවල රේගු බදු වැඩිවීම ඔක්තෝම්බර් 01 වනදා සිට ක්රියාත්මක වනබව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
Video Story