සංචිත ශක්තිමත් කරන්න චීන සහාය

    March, 11, 2021

    රටේ නිල විදෙස් සංචිත ඉහළ නැංවීම වෙනුවෙන් චීන මහජන බැංකුවෙන් ඩොලර් බිලියන 1.5 ක විනිමය හුවමාරු පහසුකමක් අනුමත කර තිබේ.

    මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ හා රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් ට්විටර් පණිවුඩයක් තබමින් මේ බව තහවුරු කර ඇත.

    මෙය චීන යුවාන් බිලියන 10 ක ප්‍රමාණයකි.

    2021 පෙබරවාරි මාසය අවසාන වන විට මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 4.55 ක් ලෙසින් වාර්තා විය. මෙයින් විදෙස් මුදල් සංචිතය දැක්වුණේ ඩොලර් බිලියන 4.09 ක් වශයෙනි.