විදේශ ආයෝජන සඳහා වන ආංශික කාර්ය සාධක බලකාය රැස්වෙයි

    March, 11, 2021

    ණය නොවන විදේශ ආයෝජන මෙරටට ගෙන ඒම, දකුණු ආසියානු රටවල් අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීම සහ වරාය නගර ව්යාපෘතිය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීම සඳහා  විදේශ ආයෝජන සඳහා වන ආංශික කාර්ය සාධක බලකාය අද (11) මුදල් අමාත්යංශයේදී රැස්විය.

    විශේෂයෙන්ම මුල්ය අංශ ඒකාබද්ධ කිරීමේ වැඩසටහන හරහා නව ප්රාග්ධනය මෙරටට ගෙන එම සම්බන්ධයෙන්ද මෙහිදී  අවධානය යොමුවිය.

    ආයෝජන මණ්ඩලය, සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සහ මහබැංකුවේ නිලධාරීන් ඇතුළු පිරිසක් මේ සඳහා සහභාගී වී තිබුණි.