සංචාරක ක්ෂේත්‍රයට දුන් සහන පැකජය තවත් මාස 06 කින් දීර්ඝ කිරීමට මහ බැංකුව එකඟවෙයි

    March, 12, 2021

    සංචාරක ක්ෂේත්රයේ නියුතු වුවන්ට රජය ලබා දුන් සහන පැකේජය මාස 06කින් දීර්ඝ කිරීමට තීරණය වී තිබේ.
    මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා සමඟ අද (12) පැවති සාකච්ඡාවක දී මේ සඳහා එකඟතාවය පල කෙරුණු බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
    සංචාරක ක්ෂේත්රයේ නියුතු වූවන්ට තවදුරටත් සහන ලබාදීමේ අවශ්යතාවයත්, මෙලෙස රජය මගින් ලබා දෙන සහන සියලුම දෙනාට ලබා දිමේ ක්රමවේදයක් සැකසීම හා ලබා නොදෙන මූල්යායතන සම්බන්ධයෙන් මහ බැංකුව සිය අවධානය යොමු කර කඩිනම් පියවරක් ගැනීමේ අවශ්යතාවයද අමාත්‍යවරයා මෙහිදී අවධාරනය කර තිබේ.