March, 15, 2021
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දෘෂ්ටි සේවා සපයන්නා වූ විෂන් කෙයා ආයතනය, “ලෝකය දීප්තිමත් ය, ඔබේ ඇස් පෙනීම සුරකින්න” යන තේමාවට යටතේ 2021 ලෝක ග්ලුකෝමා සතිය සනිටුහන් කරමින් ග්ලුකෝමා රෝගයේ අවධානම සහ වයස අවුරුදු 40 ට වැඩි විවිධ රෝගී සෞඛ්‍ය තත්වයන්ගෙන් පෙළෙන පුද්ගලයින් නිරන්තරයෙන් තම ඇස් පරීක්ෂා කර ගැනීමේ වැදගත්කම පිළිබඳ අවධාරණය කරයි- “ලෝක ග්ලුකෝමා සතිය” යනු ලෝක ග්ලුකෝමා සංවිධානය විසින් ග්ලුකෝමා රෝගයේ අවධානම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම පිණිස වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර වැඩසටහනකි.
ලෝක ග්ලුකෝමා සංවිධානය පෙන්වා දෙන පරිදී ග්ලූකෝමා යනු දෘශ්‍ය ක්ෂේත්‍රයට හානි කර “නිදන්ගත, ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වන, පරිහානීය දෘෂ්ටි ස්නායු ආබාධයකි. අන්ධභාවයට දෙවන ප්‍රධාන හේතුව ග්ලුකෝමා වන අතර එය ආපසු හැරවිය නොහැකි අක්‍ෂි දෝෂයකි. ලෝක ග්ලුකෝමා සංවිධානයට අනුව, ලොව පුරා මිලියන 80 ක් පමණ ග්ලූකෝමා රෝගයෙන් පෙළෙන අතර ග්ලුකෝමා රෝගය ඇති පුද්ගලයින්ගෙන් 50% ක් පමණ තමන්ට මෙම රෝගය ඇති බවට හඳුනාගෙන නොමැත- ගෝලීය වශයෙන්, ග්ලුකෝමා වයස අවුරුදු 50 ට වැඩි පුද්ගලයින්ගේ පෙනීම නැති වීමට ප්‍රධානතම හේතුවක් ලෙස සැලකේ. ග්ලුකෝමා රෝගය මඟින්, පුද්ගලයෙකුගේ ඇස මොළයට සම්බන්ධ කරන දෘෂ්ටි ස්නායුවට හානි විය හැකිය. එය සාමාන්‍යයෙන් වේදනා රහිත වන අතර එය තරමක් දියුණු වන තුරු සැලකිය යුතු රෝග ලක්ෂණ නොපෙන්වන හෙයින්, ග්ලූකෝමා රෝගය බරපතල අක්ෂි තත්වයක් ලෙස සලකනු ලැබේ. එබැවින්, මුල් අවධියේදීම ග්ලුකෝමා අක්ෂි පරීක්ෂාවක් කර ගැනීම ඉතා වැදගත් වේ. කල් ඇතිව රෝග විනිශ්චය කිරීම, සැලකිලිමත්ව අධීක්ෂණය කිරීම සහ නිතිපතා ප්‍රතිකාර කිරීම මගින් පෙනීම ආරක්ෂා කර ගැනීමට හැකිවේ.
ග්ලුකෝමා රෝගයට ගොදුරු වන පුද්ගලයින්, ග්ලුකෝමා පිළිබඳ පවුල් ඉතිහාසයක්, පෙනීමේ දුර්වලතා, අක්ෂි ආබාධයක්, අධි රුධිර පීඩනය, හෘද රෝග, දියවැඩියාව, අධි අක්ෂි පීඩනය, ලඟ හෝ දුර පෙනීම අඩු හෝ ප්‍රෙඩ්නිසෝන් වැනි ඇතැම් ස්ටෙරොයිඩ් ඖෂධ භාවිතා කරන අය විය හැක.
යම් පුද්ගලයෙකුට ග්ලූකෝමා තිබේ දැයි දැන ගැනීමට ඇති එකම ක්‍රමවේදය වන්නේ නිතිපතා පවත්වන මූලික අක්ෂි පරීක්ෂාවයි. ඒ සඳහා ඔබ අක්ෂි ශල්‍ය වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබා ගැනීම වඩාත් සුදුසු වේ. විෂන් කෙයා වෙතින් ග්ලුකෝමා තත්ත්වය හඳුනා ගැනීම හා එහි පැවැත්ම සම්බන්ධයෙන් අවශ්‍ය වන විවිධ පරීක්ෂණ වර්ග කිහිපයක් සිදු කරනු ලැබේ. එමෙන්ම විෂන් කෙයා ආයතනය මගින් ඉහළ තත්ත්වයේ අක්ෂි පරික්ෂණ සේවා ඇස් කණ්නාඩි, අව් කන්නාඩි හා සිවිකාච මෙන්ම ශ්‍රවණාධාර සහ ශ්‍රවන පරීක්ෂණ සේවාවන්ද ලබා ගැනීමේ හැකියාව පවතී. එහිදී ඔබට ලොව ප්‍රචලිත සන්නාමයන් යටතේ ඇස් කණ්නාඩි, අව් කන්නාඩි සහ සිවිකාච සාධාරණ මිලකට මිලදී ගැනීමේ අවස්ථාව හිමි වේ.
Video Story