2020 දී ශ්‍රී ලංකාවේ ආර්ථිකය සියයට 3.6කින් සංකෝචනය වෙයි

    March, 17, 2021

    සමස්තයක් ලෙස 2020 වර්ෂයේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය 2019 වර්ෂයේ වාර්තා වූ සියයට 2.3 ක වර්ධනය හා සසඳන විට සියයට 3.6 කින් සංකෝචනය වී ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. 2020 වර්ෂයේ සිව්වන කාර්තුව සහ 2020 වර්ෂය සඳහා ජාතික ගිණුම් ඇස්තමේන්තු නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව කියා සිටී.

    මේ සම්බන්ධයෙන් ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කරන ලද සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ.