සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් ආයතනය නොකඩවා සේවයේ යෙදුනු තම ශ්‍රම බලකාය අගයමින්  “ලෝක තිරිඟු පිටි දිනය” සමරයි

    March, 19, 2021

    ශ්‍රී ලංකාවේ වඩාත් විශ්වාසදායක තිරිඟු පිටි නිෂ්පාදන සැපයුම්කරුවෙකු වන සෙරෙන්ඩිබ් ෆ්ලා මිල්ස් ආයතනය, පසුගිය කොවිඩ්-19 වසංගත තත්වයත් සමග රට පුරා බල පැවැත්වුණු ඇඳිරි නීතිය සමයේදී පවා තිරිඟු පිටි සැපයුම අවශ්‍ය පරිදි පවත්වාගෙන යාමට දිවා රෑ නොබලා වෙහෙසුණු තම ශ්‍රම බලකාය පැසසුමට ලක් කරමින් “2021 ලෝක තිරිඟුපිටි දිනය” සමරයි.

    මාර්තු විසි වන දිනට යෙදෙන මෙවර ලෝක තිරිඟු පිටි දිනයේ දී “ශ්වේත ස්වර්ණ ; ලොව පුරා විසිරී සිටින තිරිඟු පිටි විරු ශ්‍රමිකයන් හට ප්‍රශංසා ”යන තේමාව යටතේ තිරිඟු පිටි කර්මාන්තයට අදාළ සියලුම වෘත්තීයවේදීන් පැසසුමට ලක් කරයි.

    මෙම දිනය යෙදී තිබෙන්නේ සියවස් ගණනාවක් පුරාවට මිනිස් වර්ගයා පෝෂණය කරමින් ඔවුන්ගේ සෞඛ්‍යසම්පන්න භාවය සහ සමෘද්ධිය සඳහා වැදගත් වූ ආහාරයක් වෙනුවෙනි- සියවස් ගණනාවක් පුරාවට තිරිඟු පිටි වලින් සාදන ලද ආහාර වර්ග මිනිසුන් හට ලෙඩ රෝග වලට එරෙහිව සටන් කරමින් සෞඛ්‍ය සම්පන්න දිවියක් ගත කිරීමට උපකාරී වී ඇත- තිරිඟු, විටමින් සහ ඛනිජ ලවණ විශාල ප්‍රමාණයකින් යුතු ආහාරයක් වේ. බඩෙහි ඇතිවන ආම්ලිකතාවය, සමෙහි ඇතිවන රෝග තත්ත්ව මෙන්ම ස්වසන රෝගද අවම කර ගැනීමට දායකවන ලුණු, කැල්සියම්, මැග්නීසියම් වැනි ඛනිජ ලවණ මෙන්ම විටමින් ඒ හා විටමින් බී  වැනි විටමින් වර්ගද තිරිඟු වල අඩංගු වේ. දරුවන්ගේ වර්ධනයට මෙන්ම ගර්භණී මව්වරුන් සඳහා ද වැදගත් වන යකඩ සහ ෆෝලික් වැනි අත්‍යවශ්‍ය සංඝටක වලින් ද තිරිඟු පිටි සමන්විත වේ.

    කොවිඩ්-19 වසංගතය ආරම්භයෙහි සිටම රට තුළ පැවති පීඩාකාරී තත්ත්වය, පැය 24 පුරා ක්‍රියාත්මක වූ තම ඇඹරුම් කර්මාන්තශාලාවේ මෙහෙයුම් කටයුතු කෙරෙහි බලනොපානා අයුරින් ක්‍රියාත්මක කරගෙන යාමට සෙරෙන්ඩිබ් ෆ්ලා මිල්ස් ආයතනය වග බලා ගත්තේය. ආයතනයේ සියළුම කාර්ය මණ්ඩලය එනම් ඇඹරුම් කර්මාන්ත ශාලාවේ සේවකයන්, බෙදාහැරීමේ ජාලය, අලෙවි අංශය, තාක්ෂණික අංශය යනාදී සියලුම පාර්ශ්වයන් කොවිඩ්-19 සෞඛ්‍යය නීතිරීති පිළිපදිමින් එක්ව කටයුතු කරන ලද අතර SLS 1672:2020  “කොවිඩ්-19 සුරක්ෂිත කළමනාකාර පද්ධතිය” යන තත්ව සහතිකයෙන් ද පිදුම් ලබන ලදී. මෙලෙස සාමූහිකව කටයුතු මෙහෙය වීමේ ප්‍රතිඵලයක් ලෙසින් දේශය පෝෂණය කිරීම සඳහා අවශ්‍ය තරම් 7 Star  පිටි ඇතුළු සියලු නිෂ්පාදනයන් ලබා දීමට සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් ආයතනයට හැකියාව ලැබුණි.

    “ලෝක තිරිඟු පිටි දිනය” සමරමින්, පසුගිය අභියෝගාත්මක වසරේදී තම සේවය නොකඩවා ලබාදුන් සේවකයන් ඇතුළු සියලුම අංශ ඇගැයීමට ලක් කරන සෙරෙන්ඩිබ් ආයතනය පෙන්වා දෙන්නේ තම කාර්ය මණ්ඩලයේ කැපවීම හේතුවෙන් ඇඳිරි නීතිය පනවා තිබූ කාලයන්වලදී පවා ජනතාව වෙත සිය දෛනික අවශ්‍යතා සපුරා ගැනීමට මෙන්ම විවිධ ආහාර වර්ග අත්හදා බලමින් සිය කුසලතා වර්ධනය කර ගැනීමටත් අවශ්‍ය වන පරිදි තිරිඟු පිටි ලබා දීමට හැකි වූ බවයි.

    සෙරෙන්ඩිබ් ෆ්ලා මිල්ස් ආයතනය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමත කළ ඩුබායි දේශයේ අල් ගුරේර් සමාගම විසින් ආයෝජනය කරමින් ආරම්භ කළ ව්‍යාපෘතියකි- බේකරි, හෝටල්, කර්මාන්ත සහ නිවාස වලට අවශ්‍ය උසස් තත්ත්වයේ සහ පුළුල් පරාසයක පැතිරුණු තිරිඟු පිටි නිෂ්පාදනය කරන ආයතනයක් ලෙස 7 Star  සන්නාමය යටතේ සමස්ථ ශ්‍රී ලංකාව පුරාම තිරිඟු පිටි බෙදාහැරීම සිදුකරයි. කොළඹ වරායේ පිහිටි අධි තාක්ෂණික පහසුකම්වලින් සපිරි නවීන පිටි නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ සිට උසස් තත්ත්වය සුරකිමින්, ආරක්ෂාව සහතික කරමින්, මෙම තිරිඟු පිටි නිෂ්පාදන සිදුකරනා සෙරන්ඩිබ් ආයතනයට  ISO 9001:2015, ISO 14001:2015, ISO 22000:2005, FSSC 22000, BS OSHAS 18001:2007  තත්ත්ව සම්මාන ලැබී තිබෙන අතර හරිතාගාර වායූන් පරිසරය මුදාහැරීම අවම කරමින් පරිසර හිතකාමී නිෂ්පාදන ක්‍රියාවලියක් ස්ථාපිත කිරීමට ඔවුන් වෙහෙසෙයි. සිය මෙහෙයුම් ක්‍රියාවලිය තුල ජලය සහ බලශක්තිය ඉතාම තිරසර ආකාරයකට භාවිතයට ගැනෙන අතර, ගෝලීය පරිසර සුරැකීමේ තත්ත්වයන් ආරක්ෂා කරගනිමින් ඉදිරි කටයුතු කරගෙන යාමට ඔවුන් කැපවෙයි.