March, 19, 2021
කෝවිඞ් වසංගතය හමුවේ සිය සමාජ වගකීම උපරිමයෙන් ඉටු කරමින් ශ්‍රී ලාංකේය පුද්ගලික රෝහල් ක්ෂේත්රය වෙත පළමු වරට ඔස්ටේ්රලියාවේ ACHSI අන්තර්ජාතික ප්රමිතිකරණය හිමි කර ගත් හේමාස් රෝහල් සමූහය, සෞඛ්‍ය අමාත්‍යංශය සමග අවබෝධතා ගිවිසුමකට එළැඹෙමින් කෝවිඞ් රෝගීන් හඳුනාගැනීම සඳහා ඡුක්‍ඍ පරීක්ෂණ පැවැත්වීම සඳහා අනුමැතිය ලබා ගන්නා ලදි. මේ සඳහා නවීන තාක්ෂණයෙන් සමන්විත රසායනාගාරයක් වත්තල හේමාස් රෝහල් පරිශ්‍රයේදී පසුගියදා විවෘත කරනු ලැබීය. මෙම වෛද්‍ය රසායනාගාරය මගින් හේමාස් රෝහලේ නේවාසික රෝගීන්ට, බාහිර රෝගීන්ට, විදේශ සංචාරකයින්ට, විදෙස්ගතවන්නන්ට, කර්මාන්තශාලා සේවකයින්ට මෙන්ම විවිධ ආයතතනික සේවකයින්ට සේවා සපයනු ඇත.
වත්තල හේමාස් රෝහලේ ස්ථාපනය කළ මෙම නවතම වෛද්‍ය රසායනාගාරය සඳහා ඛධඛක් සමාගම සහයෝගීත්වය ලබාදුන් අතර ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණික ආයතනයේ විශේෂඥයකු වන ආචාර්ය මංජු ගුණවර්ධන සිය විශේෂඥ උපදේශනය ලබා දෙන ලදි. දිවයින පුරා ඇති රසායනාගාර නියැදි එක් රැුස්කිරීමේ මධ්‍යස්ථාන හරහා ලැබෙන පරීක්ෂණ නියැදි සඳහාද මෙම රසායනාගාරයේ සේවාව හිමිවේ. මේ සඳහා පළපුරුදු රසායනාගාර වෘත්තිකයින් පිරිසක් මෙහි සේවයේ යොදවා ඇත. මෙම කාලෝචිත සහයෝගීතාව මගින් දැනට දෛනිකව සිදුකරන ඡුක්‍ඍ පරීක්ෂණ ප්‍රමාණය වැඩි කිරීමටත් , රජ්‍ය සෞඛ්‍ය අංශයන් මත අධිකව පැවරී ඇති කෝවිඞ් 19 පරීක්ෂණ ක්ෂේත්රය සඳහා පුද්ගලික අංශයයේ දායකත්වය පුළුල් කිරීම තුළ සමස්ත ශ්‍රී ලාංකීය සෞඛ්‍ය ක්ෂේත්රයේ ධාරිතාව ඉහළ නැංවීම අපේක්ෂා කෙරේ.
හේමාස් රසායනාගාරය මුළුමනින්ම සෘණ පීඩනයක් යටතේ පවත්වාගෙන යන අතර නියැදි නිස්සාරණය සහ හඳුනාගැනීම යන කටයුතු හැකි තාක් මිනිස් ක්‍රියාකාරීත්වයෙන් බැහැරව ස්යංක්රීයව සිදුකෙරේ. ආරම්භයේ සිට අවසානය දක්වා ඩිජිටල් තාක්ෂණික පද්ධතියක් හරහා මෙහි පර්යේෂණ කටයුතු සිදු කෙරෙන බැවින් රසායනාගාර වාර්තාව ඩිජිටල් පද්ධති හරහා ලබා ගත හැක. අණුක ජෛව විද්‍යාඥයින්ගේ සහ වෛරසවේදීන්ගේ අධීක්ෂණය මත මෙහි පරීක්ෂණයන් සිදු කෙරේ.
‘‘කෝවිඞ් 19 වසංගතයේ සමාජ ව්‍යාප්තියට පෙර සිටම ඉහළ සූදානමකින් හා කැපවීමකින් කටයුතු කළ රෝහලක් ලෙස නිසි ක්‍රමවේදයන් අනුගමනය කරමින් කෝවිඞ් 19 රෝගීන් හඳුනාගැනීමේ පරීක්ෂණ හේමාස් රෝහල තුළම ඇරඹීමට ලැබීම පිළිබඳව සතුටට පත් වන අතරම මෙම අති නවීන වෛද්‍ය රසායනාගාරයෙහි සේවාවන් සමස්ත ශ්‍රී ලංකාවාසීන් වෙත ලබා දීමට හැකි වීම හේමාස් රෝහල් සමූහයේ අප ලද භාග්‍යක් කොට සලකනවා. මෙම අතී නවීන වෛද්‍ය රසායනාගාරය ඇරඹීම තුළින් ශ්‍රී ලංකාවේ දෛනිකව සිදුකෙරෙන රසායනාගාර පරීක්ෂණ ධාරිතාව වැඩි කිරීමටත් ,වෛරසය මගින් ශ්‍රී ලාංකිකයින්ට ඇති වන බලපෑම අවම කිරීමත් මෙහිදී අපේක්ෂා කරනවා. මෙම වෛද්‍ය රසායනාගාරය සඳහා භාවිතා කර ඇති තාක්ෂණය ශ්‍රී ලංකාවේ මෙම ක්ෂේත්රයේ ප්‍රගතිය පෙන්නුම් කෙරෙන ප්‍රශස්තම නිදසුන වන අතර මෙහි සේවය කරන ඉහළ පළපුරුද්දක් සහිත රසායනාගාර වෘත්තිකයින් සහ සෙසු වෘත්තිකයින් ප්රශස්ත ලෙස රෝග නිර්ණය සහ නිරවද්‍යතාවයෙන් ඉහළ වේගවත් සහ ආරක්ෂිත සේවාවක් සියලූ පාර්ෂවයන්ට ලබා දෙනු ඇති බව මගේ විශ්වාසයයි. කෝවිඞ් 19 වෛරසයෙන් රට මුළුමනින්ම ආරක්ෂා කර ගැනීමේ රජයේ වෑයම සාක්ෂාත් කර ගැනීම සඳහා මෙම රසායනාගාරය මගින් ලබා දිය හැකි උපරිම මෙහෙවර ලබා දීමට හැකි බවට කිසිදු සැකයක් නැහැ’’ යනුවෙන් හේමාස් රෝහල් සමූහයේ කළමණාකාර අධ්යක්ෂ සහ පුද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සංගමයේ සභාපති ආචාර්ය ලකිත් පීරිස් මහතා පැවසීය.
හේමාස් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරීනී කස්තුරි චෙල්ලරාජා විල්සන්, හේමාස් රෝහල් සමූහයේ කළමණාකාර අධ්යක්ෂ ආචාර්ය ලකිත් පීරිස්, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරල් වෛද්‍ය සංජීව මුණසිංහ, අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) වෛද්‍ය සුනිල් ද අල්විස් යන මහත්ම මහත්මීන් මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තබන ලදි.
Video Story