එලිෆන්ට් හවුස් සමාගම ප්‍රතිචක්‍රීකරණය සඳහා Zerotrash සහ Plasticcycle සමග එක්වෙයි

    March, 29, 2021

    දිවයින පුරා ප්‍රතිචක්‍රීකරණය සහ යහපත් ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රමවේද ප්‍රවර්ධනය  කිරීමේ අරමුණින් යුතුව එලිෆන්ට් හවුස් සමාගම  ජෝන් කීල්ස් සමූහයේ සමාජ ව්‍යවසායකත්ව ව්‍යාපෘතිය වන Plasticcycle සමග අත්වැල් බැඳගනිමින් Zerotrash සඳහා සිය සහයෝගය ලබාදීමට ඉදිරිපත්ව සිටී. එලිෆන්ට් හවුස් සමාගමේ අරමුදලින් දියත් කෙරෙන මෙම වැඩසටහන වසර දෙකක් පුරා ක්‍රියාත්මක වන අතර ඒ හරහා එකතු කිරීමේ පරිශ්‍ර වලින් භාවිත කරන ලද ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ප්ලාස්ටික් එකතු කිරීම සහ ප්‍රවාහනය සඳහා වෙනම ප්‍රවාහන සහ සේවා කාර්ය මණ්ඩල සාමාජිකයන්ගෙන් සමන්විත අපද්‍රව්‍ය එකතු කිරීමේ මධ්‍යස්ථානයක් ගොඩ නැගීම සඳහා සිය සහයෝගය ලබාදීමට නියමිතය.

    Zerotrash ආයතනය, බොරලැස්ගමුවේ ඉදිවන මෙම අපද්‍රව්‍ය එකතු කිරීමේ මධ්‍යස්ථානයට ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි ප්ලාස්ටික් එකතු කර ප්‍රවාහනය කිරීමේ වගකීම දරන අතර,මෙම සබඳතාව හරහා එලිෆන්ට් හවුස් සමාගම Plasticcycle සහ Zerotrash සමග අත්වැල් බැඳ ගනිමින් ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි ප්ලාස්ටික් වල ජීව චක්‍රය වැඩිකිරීමේ අරමුණින් යුතුව ප්ලාස්ටික් බැහැර කිරීම සම්බන්ධව මෙරට ජනතාවගේ දැනුවත් භාවය වර්ධනය කිරීමට ද අපේක්ෂා කරයි.

    මෙම ව්‍යාපෘතිය පිළිබඳ අදහස් පළ කරමින් ජෝන් කීල්ස් සමූහයේ පාරිභෝගික ආහාර අංශයේ සභාපති දමින්ද ගම්ලත් මහතා සඳහන් කළේ ,මෙරට ජනතාවගේ නොමද  ආදරය දිනා ගත් එලිෆන්ට් හවුස්  සන්නාමය වගකීම්සහගත ආයතනික  පුරවැසියෙකු ලෙස නිසි ලෙස අපද්‍රව්‍ය බැහැර කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය කිරීම තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා දායකත්වය ලබා දීමට හැකිවීම පිළිබඳ සතුටු වන බව ය. "Plasticcycle සමග අත්වැල් බැඳගනිමින් අප ජනතාවට වගකීමෙන් යුතුව ප්ලාස්ටික් බැහැර කළ හැකි අපද්‍රව්‍ය බඳුන් වැඩි කිරීම කෙරෙහි අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වෙනවා . ප්ලාස්ටික් භාවිතය නිසා පරිසරයට සිදුවන බලපෑම අවම කිරීම සහ වගකීම් සහගත අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා නවෝත්පාදන ක්‍රමවේද හඳුන්වා දීම සඳහා අප අඛණ්ඩව කටයුතු කරනවා.”

    "ශ්‍රී ලංකාව අනාගත පරපුර වෙනුවෙන් තිරසර සහ හරිත බිමක් බවට පත් කිරීමේ වගකීම අප සියලු දෙනාටම පැවරී තිබෙනවා . අපි අපගේ හවුල්කරුවන් කෙරෙහි විශ්වාසය තබා තිබෙන අතර මෙම සබඳතාව අප රටට විශාල වශයෙන් ප්‍රතිලාභ හිමි කර දෙනු ඇති බව අපගේ විශ්වාසයයි", යනුවෙන් Zerotrash ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී හසංක පාදුක්ක මහතා සඳහන් කළේය.

    ජෝන් කීල්ස් සමූහයේ සංචාරක සහ හෝටල් අංශයේ සහ සමාජ ව්‍යවසායකත්ව ව්‍යාපෘතියෙහි සභාපති සුරේෂ් රාජේන්ද්‍ර මහතා ද මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස පළ කළේය . "Plasticcycle සහ ජෝන් කීල්ස් සමූහයේ සමාගම් අතර ඇතිකරගන්නා හවුල්කාරිත්ව හරහා ‘Single Use’ ප්ලාස්ටික් අවම කිරීමට අඛණ්ඩව  තිරසාර විසඳුම් හඳුන්වා දෙමින් ප්‍රතිචක්‍රීකරණ වැඩසටහන් ප්‍රවර්ධනය සහ වගකීම් සහගත අපද්‍රව්‍ය කළමනාකරණයට සහයෝගය ලබාදීමට එම සමාගම් කටයුතු කරනවා".

    Zerotrash ආයතනය විසින් කොළඹ නගරය තුළ ඉදිකරනු ලබන අපද්‍රව්‍ය එකතු කිරීමේ මධ්‍යස්ථානය සඳහා එලිෆන්ට් හවුස් සමාගම අරමුදල් සම්පාදනය කරන අතර  'Plasticcycle' වැඩසටහන  ඊට සහයෝගය ලබා දෙයි. මෙතෙක් කාලයක් අපද්‍රව්‍ය ලෙස ගොඩගැසුණු සහ ජල මූලාශ්‍රවලට එක්වූ  ප්ලාස්ටික් අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් මෙම මධ්‍යස්ථානය හේතුවෙන් නිසි ලෙස එකතු කිරීමටත් ,වෙන් කිරීමටත් ලක් කිරීමේ හැකියාව උදාවේ. මෙම සබඳතාව හරහා ඉදිවන යටිතල පහසුකම් හරහා Plasticcycle අපද්‍රව්‍ය බඳුන් ජාලය ද පුළුල් කෙරෙන අතර ඒ හරහා සියලු දෙනාට ම ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීමෙන් ක්‍රියාවලියට දායකත්වය ලබාදීමේ අවස්ථාව ද උදා වෙයි .

    Zerotrash සම නිර්මාතෘ හේමින්ද ජයවීර, ජෝන් කීල්ස් සමූහයේ පාරිභෝගික ආහාර අංශයේ සභාපති දමින්ද ගම්ලත්, එම සමූහයේ ආයතනික මුල්‍ය, සමූහ සමාජ ව්‍යවසායකත්ව ව්‍යාපෘති අංශයේ විධායක උප සභාපති නිස්රීන් රේමන්ජි යන මහත්ම මහත්මීන් විසින් ගිවිසුමට අත්සන් තබන ලදි.