October, 28, 2015
ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පවත්නා ව්‍යාපාරික සහයෝගීතාවන් තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අරමුණු ඇතිව, නවසීලන්ත ව්‍යාපාරික දූත පිරිසක් එළඹෙන සතියේ දී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය. මේ සඳහා නවසීලන්තයේ ප්‍රමුඛ පෙළේ සමාගම් 17 ක නියෝජිතයින් එක්වනු ඇත.
නවසීලනත්යේ ප්‍රම්‍රඛ පෙළේ අපනයනකරුවකු ලෙසින් ශ්‍රී ලංකාව හැඳින්වෙන අතර කිරිපිටි, බටර්, පලතරු ඇතුළු වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 300 ඉක්ම වූ භාණ්ඩ ශ්‍රී ලංකාව වෙත අපනයනය කරනු ලබයි.
මෙම දූත පිරිසේ ශ්‍රී ලංකා සංචාරයේ දී මෙරට ව්‍යාපාරික අංශ කිහිපයක් වෙත ඔවුන් අවධානය යොමු කර තිබේ. ආහාර හා පාන, ගුවන් සේවා, ප්‍රවාහන, අධ්‍යාපන යනා දී අංශ ඒ අතර වේ. මෙම දූත පිරිස සඳහා නායකත්වය දෙනු ලබන්නේ නවසීලන්තයේ හිටපු උප අගමැති ශ්‍රීමත් ඩොන් මැකිනන් විසිනි.
‘‘අපගේ ගැනුම්කරුවන් සමඟ පවත්නා සබඳතා තවදුරටත් තර කර ගැනීම මෙම සංචාරය තුළින් බලාපොරොත්තු වෙනවා“, යැයි මෙහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය හා නේපාලය භාර නවසීලන්ත මහකොමසාරිස් ග්‍රැහැම් මෝටන් පැවසීය.
Video Story