Vision Care හි   “Sports Vision”  මඟින් ක්‍රීඩාශීලී දක්ෂතා වර්ධනයට උපකාරීවන දෘෂ්ටි හැකියාවන් වැඩිදියුණු කරයි

    April, 20, 2021

    ශ්‍රී ලංකාවේ විශාලතම දෘෂ්ටි සෞඛ්‍ය විශේෂඥයා වන විෂන් කෙයා ආයතනය තම දෘෂ්ටි සේවාවන් ක්‍රීඩා ක්ෂේත්‍රය වෙතට ද පුළුල් කරන ලදී. එසේම, ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ‘Sports Vision Training’ මෙරටට හඳුන්වාදෙමින් අක්ෂි ආරක්ෂණ ක්ෂේත්‍රයට නවීන තාක්ෂණික සේවාවන් හඳුන්වාදුන් පුරෝගාමියා ලෙස සිය අභිමානය තව තවත් ඉහළ නංවා ගනී.

    මිනිසුන් විසින් තමන්ගේ එදිනෙදා ජීවිතයේ දී විවිධ දෘෂ්ටි හැකියාවන් විශාල ප්‍රමාණයක් භාවිතා කළ ද   “Sports Vision by Vision Care’  මඟින් ක්‍රීඩා කිරීමේදී අවශ්‍ය වෙන දෘෂ්ටි හැකියාවන් ශක්තිමත් කිරීම සහ දෘෂ්ටික හැකියාවන්ගේ ක්‍රියාශීලීත්වය වර්ධනය කිරීම අරමුණ කරගෙන තිබේ. එමෙන්ම, ඕනෑම ක්‍රීඩා කටයුත්තක දී අත්‍යවශ්‍ය වන දෑස සහ දෑත අතර නිවැරදි සම්බන්ධීකරණ හැකියාවන් මේ හරහා වර්ධනය වේ. වෘත්තීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට, ආධුනිකයන්ට මෙන්ම පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටද Sports Vision  පුහුණුවීම් මඟින් තමන්ගේ ක්‍රීඩා කටයුතු වර්ධනය කරගැනීමේ හැකියාව ලැබේ. මෙම අති නවීන තාක්ෂණ භාවිතාවන් හරහා පුද්ගලයෙකුගේ ක්‍රීඩා දක්ෂතා මෙන්ම එදිනෙදා ජීවිතයේ හැකියාවන්ද ගුණාත්මකව වර්ධනය කර ඉහළ ජීවින තත්ත්වයක් ඇතිකිරීමට  විෂන් කෙයා බලාපොරොත්තු වේ.

    ක්‍රීඩාවේ දී අත්‍යවශ්‍ය  සංවේදන හැකියාවන් ප්‍රවර්ධනයට ලොව ඇති පරිපූර්ණ ස්වයංක්‍රීය තාක්ෂණික පද්ධතියක් වන Senaptec Sensory  කාර්යයසාධන මෙවලම් දකුණු ආසියානු කලාපයට ප්‍රථමයෙන් හඳුන්වාදී ඇත්තෙ Sports Vision  මඟින්ය. මෙයට සම්බන්ධවෙන සෑම නව සේවාදායකයෙකුම අක්ෂි පරීක්ෂාවට සමගාමීව සිදුකරන Sports Vision  ඇගයීමකට ලක්වේ. ඉන්පසු නිවැරදිව පරීක්ෂා කළ විශ්ලේෂණ වාර්තාව වටහා ගැනීමට පහසු රූපමය ආදර්ශක මඟින් ඉදිරිපත් කරයි. ක්‍රීඩකයෙකුට හෝ ක්‍රීඩිකාවකට තමන්ගේ හැකියාවන් තවත් ඉහළ නංවා ගැනීමට අවශ්‍ය නම් එම ඉලක්කයන්ට අදාළ පුහුණු සැලසුමක් නිර්මාණ කිරීම සහ එම සැලසුම සතියකට වරක් හෝ සතියකට දෙවරක් ක්‍රියාත්මක කිරීමට පහසුකම් සපයයි. මෙම තාක්ෂණය ඇමරිකාවේ සිටින ඉහළ පෙළේ බාස්කට්බෝල්, බේස්බෝල්, අයිස් හොකි, UFC, පාපන්දු ක්‍රීඩකයන් සහ වෙනත් ක්‍රීඩාවන් වලදී භාවිතා කරයි.

    කොළඹ ඉහළ පෙළේ ක්‍රීඩා සමාජයක ක්‍රිකට් ක්‍රීඩාකරන යොහාන් මෙන්ඩිස් ක්‍රීඩකයා මෙසේ පැවසීය, “මට Sports Vision පුහුණුව ලබාගැනීමට හැකිවුනේ මේ මෑතකදීයි. මම ඔවුන් සතු ඒ අති නවීන තාක්ෂණික මෙවලම් දැක පුදුමයට පත්වුණා. ඒ වගේම මගේ පුහුණුවීම්වල කාර්යසාධනය පිළිබඳ ඔවුන්ට සැපයිය හැකි අතිවිශාල දත්ත ප්‍රමාණය පිළිබඳ ප්‍රසාදයටත් පත්වුණා. ඉන්පසු මම නිතිපතා ඔවුන්ගේ පුහුණු සැසියට සහභාගී වුණා. දැන් මට මගේ පිතිකරණ සහ පිටිය රැකීමේ හැකියාවන්වල ඉහළ ගුණාත්මක වර්ධනයක් සිදුවී ඇතිබව හොඳින් දැනෙනවා. මම අනිවාර්යයෙන්ම මගේ දක්ෂතා ඔප්නැංවූ Sports Vision පුහුණුව දිගටම කරගෙන යනවා. එයින් මගේ පුහුණුවීම්වලට නව මානයක් හඳුන්වා දුන්නා වගේම මම ක්‍රීඩාකරන හැම අවස්ථාවක දීම ඉහළ තලයක දක්ෂතා දැක්වීමට මට උදව් වුණා.”

    මේ වන විට Sports Vision  ශ්‍රී ලංකාවේ සිටින පළමු පෙළ සහ ඉහළ මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයන්, ටෙනිස් ශුරයන්, e-Sports, ධාවන තරඟවල යෙදෙන්නන්, බොක්සින්, පාපන්දු, බැට්මින්ටන්, ටේබල් ටෙනිස් වැනි විවිධ වෘත්තීය මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙම පුහුණුව ලබාදී තිබේ.

    Sports Vision මඟින් ගෙදර සිට පුහුණුවීම් කළ හැකි Home Training App එකක් ද හඳුන්වාදෙන අතර මේ හරහා ක්‍රීඩකයන්ට තමන්ගේ ටැබ්එක හෝ  iPad එක භාවිතා කර නිවසේ සිට පුහුණුවීම් කිරීමේ හැකියාව මෙන්ම ලොවපුරා වෙසෙන අනෙක් ක්‍රීඩක/ ක්‍රීඩිකාවන්ට එදිරිව තමන්ගේ දක්ෂතාවන්ගේ ඇගයීමක් ඉහළ රූපමය පැහැදිළිතාවකින් ලබාගැනීමේ අවස්ථාව ද හිමිවේ.