බ්‍රවුන්ස් කැපිටල් සූර්ය බලයට මිලියන 407 ක් ආයෝජනය කරයි

    October, 29, 2015

    හම්බන්තොට බරුතන්කන්ද ග්‍රාමයේ ක්‍රියාත්මක, මෙගාවොට් 10 ක සූර්ය බලශක්ති ව්‍යාපෘතියක බහුතර කොටස් හිමිකාරීත්වය අත්පත් කර ගැනීමට බ්‍රවුන්ස් කැපිටල් පීඑල්සී කටයුතු කර තිබේ.

    මෙම ව්‍යාපෘතිය සාගා සෝලර් පවර් (පුද්) සමාගම විසින් ක්‍රියාත්මක කරමින් පවතින ව්‍යාපෘතියක් වන අතර එම සමාගමේ 50.10% ක කොටස් අයිතිය මේ අනුව බ්‍රවුන්ස් කැපිටල් විසින් අත්පත් කර ගෙන ඇත.

    මේ සඳහා බ්‍රවුන්ස් කැපිටල් පීඑල්සී විසින් කර ඇති සම්පූර්ණ ආයෝජනය රුපියල් මිලියන 407 කි. මෙහිදී සාගා සෝලර් පවර් (පුද්) සමාගමේ කොටස් මිලයන 38.7 ක හිමිකාරීත්වය, බ්‍රවුන්ස් කැපිටල් පීඑල්සී වෙත හිමි වී තිබේ.