සෙලාන් බැංකුව WNPS සමග හවුල්කාරීත්වයකට එළඹෙමින් “නිර්මාණාත්මක ප්‍රතිචක්‍රීයකරණ තරඟාවලිය” පවත්වයි

    April, 27, 2021

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ළමා ඉතිරි කිරීමේ ගිණුම වන සෙලාන් ටිකිරි සහ වන සත්ව හා ස්වභාව ආරක්ෂක සංගමය (Wild life and Nature Protection Society) අතර එලඹෙන ලද හවුල්කාරීත්වය අනුව ශ්‍රී ලාංකික දූ දරුවන්ට ප්‍රතිචක්‍රීකරණයෙහි හා පරිසරය පිළිබඳව ඔවුන් සතු වගකීම පිළිබඳව අවබෝධය ඇතිකිරීම වෙනුවෙන් “නිර්මාණාත්මක ප්‍රතිචක්‍රීයකරණ තරඟාවලිය” (Up-cycled Waste Items Competition) නමින් සුවිශේෂී තරඟයක් පැවැත්වීම සඳහා පසුගියදා මුලපුරන ලදී. ඩිජිටල් සමාජ මාධ්‍ය ඔස්සේ පවත්වන මෙම වැඩසටහන මගින් පරිසරය ආරක්ෂා කිරීමේ වැදගත්කම ගැන දැනුම ලබා දෙනවාට අමතර, ඔවුන්ගේ නිර්මාණශීලී හැකියාවන් ඔපමට්ටම් කිරීමද සිදු වේ.

    ශ්‍රී ලාංකික දූ දරුවන්ගේ ළමා ඉතිරි කිරීමේ ගිණුම් අතර වඩාත් ආදරණීය සන්නාමය වන සෙලාන් ටිකිරි සෑම විටම නව්‍යකරණ අධ්‍යාපන ක්‍රමවේදයන් ළමා පරපුරට හඳුන්වාදීම වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරන අතර, ඩිජිටල් මාධ්‍ය භාවිතයෙන් ළමුන් තුළ උද්යෝගය හා උනන්දුව වර්ධනය කිරීමෙහි ක්‍රියාකාරකම් සඳහා නිරන්තරවම මුලපුරයි. ළමුන් ජීවත්වන පරිසරය නිරීක්ෂණය, ඒ පිළිබඳ ඉගෙනීමට  හා ඔවුන් අවට පරිසයෙන් සොයා ගන්නා දේවලින් නිර්මාණාත්මක හැකියාවන් ඔපමට්ටම් කරගැනීම  “නිර්මාණාත්මක ප්‍රතිචක්‍රීයකරණ තරඟාවලිය” (Up-cycled Waste Items Competition) පැවැත්වීම හරහා සෙලාන් බැංකුව අපේක්ෂා කරයි. මෙම වැඩසටහනෙහි ජයග්‍රාහකයින් වෙත වටිනා තෑගි ලබා දීමටද සෙලාන් ටිකිරි ගිණුම කටයුතු කරනු ඇත.

    “සෙලාන් ටිකිරි කියන්නේ තවත් එක සාමාන්‍ය ළමා ඉතිරි කිරීමේ ගිණුමක් පමණක් නොවෙයි. ළමුන්ගේ අධ්‍යාපනයට, විවිධ ක්‍රියාකාරකම්වලට හා ඉතිරි කිරීමේ පුරුද්ද වර්ධනයට වැනි දේට අපි සෙලාන් ටිකිරි හරහා ඔවුන්ව දිරිමත් කරනවා. අප මුහුණ දී සිටින ගැටළුකාරී කාලසීමාව වැනි අවස්ථාවන්හිදී දෙමාපියන් විඳින දුෂ්කරතාවයන් පිළිබඳව දරුවන් දැනුවත් කරමින් නව්‍යකරණ සංකල්පයන් මත පදනම්වූ වැඩසටහන් හා තරඟ අපි වසර පුරාම සංවිධානය කරන්නට කටයුතු කරා. මෙම සෑම තරඟයක්ම, වැඩසටහනක්ම ළමුන් දැනුවත් කිරීමට, ඔවුන්ගේ ප්‍රායෝගික දායකත්වය ලබාගැනීමට හා ඔවුන් තුළ උද්යෝගීමත්භාවය ඇතිකිරීම උදෙසා ඉතා සැලකිලිමත්ව සැලසුම්කරන්නට අපි කටයුතු කරා. මේ වැඩසටහන් සඳහා සහභාගීවන දරුවන්ගේ හා දෙමාපියන්ගේ උනන්දුව අපි දැක්කා වගේම ළමා ඉතිරි කිරීමේ ගිණුමක් වශයෙන් අපගේ ගනුදෙනුකරුවන් වෙත සිදු කළ හැකි ඉහළම අගය එකතු කිරීමක් වශයෙන් ද අපි මෙය දකිනවා.” යනුවෙන් සෙලාන් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී - අලෙවි හා විකුණුම්, ගාමික ද සිල්වා මහතා සිය අදහස් දක්වා සිටී.

    මෙම සුවිශේෂී හවුල්කාරීත්වය පිළිබඳව අදහස් දක්වමින් වන සත්ව හා ස්වභාව ආරක්ෂක සංගමයේ මහලේකම් ජෙහාන් කනගරත්න මහතා මෙසේ පැවසීය. “අපට ජීවත්වන්නට ඇති එකම තැන මේ මිහිතලය පමණයි. මේ මිහිතලයෙන් අපට ලැබෙන දේවල් නිසියාකාර අවබෝධයකින් යුතුව අප  පාවිච්චි කළ යුතුයි. අප ඉවතලන දෙයින් රටට හා පරිසරයට සිදුවිය හැකි බලපෑම පිළිබඳව නිසි දැනුවත් බවක් අපට තිබිය යුතුයි. අපට අත්‍යවශ්‍යම දේවල් පමණක් මිලදී ගැනීමෙන් හා පරිභෝජනයෙන් අපතේ යෑම් අවම කරගන්න පුළුවන් වගේම ඉවතලන ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය හා ඉහළ චක්‍රීකරණයට ලක්කිරීම සඳහා ලබා දිය හැකි හොඳම දායකත්වය ලබා දිය යුතුයි. දරුවන්ගේ නිර්මාණශීලී හැකියාවන් හා ක්‍රමානුකූල සංරක්ෂණ ක්‍රමවේදයන් ඉහළ නංවන අතරම ප්‍රතිචක්‍රීකරණයෙහි වැදගත්කම දරුවන්ට අවබෝධ කරදීම හා අපතේ යෑම් අවම කරගැනීම සඳහා ඔවුන්ට අවශ්‍ය අනුබලය ලබා දීම මෙම තරඟයෙහි ප්‍රධානතම ඉලක්කයයි.”

    සෙලාන් ටිකිරි ගිණුම පසුගිය වර්ෂයේ ලොක්ඩවුන් කාලසීමාව තුලදී ද ළමා පරපුරේ හැකියාවන් ඉහළ නැංවීම වෙනුවෙන් අන්තර්ජාලය හරහා ක්‍රියාකාරකම් රැසක් ක්‍රියාවට නංවන ලදී. ටිකිරි ලොක්ඩවුන් දිනපොත, ටිකිරි ඩිජිටල් අවුරුදු, වෙසක් පැතුම, Tikiri Champ" Story Telling සහ තවත් බොහෝ වැඩසටහන් ඒ අතර විය. මෙම වැඩසටහන් ඔවුන්ගේ අවදානය ඉතා ඉහළින් දිනාගත් අතර, නිවෙස් තුල ඔවුන් ගත කරන ඒකාකාරී දිවියට වෙනස් අත්දැකීමක් විය. ශ්‍රී ලංකාවේ අනාගත පරපුර උගත් වගකීම් සහගත පුරවැසියන් කරන්නට උත්සාහ දරන අතරම, ළමුන්ගේ ඉතිරි කිරීමේ පුරුද්ද වර්ධනයට ද සෙලාන් ටිකිරි වැදගත් කාර්යභාරයක් ඉටුකරමින් සිටී. www.seylan.lk  වෙත පිවිසීමෙන් හෝ 2 00 88 88 අංකය ඇමතීමෙන් සෙලාන් ටිකිරි පිළිබඳව වැඩි විස්තර දැනගැනීමට හැකියාව තිබේ.

    සුහද හදක් ඇති දේශීය බැංකුව වන සෙලාන් බැංකුව, ශීඝ්‍රයෙන් වර්ධනය වන, නවීන තාක්ෂණයෙන් යුතු නවෝත්පාදන සේවා මෙන්ම බැංකුකරණ ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරන පාරිභෝගික අත්දැකීමක් හිමිකර දීමට කැපවී සිටී. ශීඝ්‍රයෙන් වර්ධනය වන සුළු හා මධ්‍ය පරිමාණ, පාරිභෝගික සහ ආයතනික පාරිභෝගික පදනමකට හිමිකම් කියන සෙලාන් බැංකුව, දිවයින පුරා විහිදුනු 172 ක ශාඛා සහ 216 ක ATM ජාලයකට මෙන්ම මුදල් තැන්පතු CDM යන්ත්‍ර 70ක් සහ චෙක් තැන්පතු Kiosks (CDK)  යන්ත්‍ර 83කට ද හිමිකම් කියයි. ෆිච් ශේණිගත කිරීම්හි දිගුකාලීන ජාතික ශේණිගත කිරීම                        A-(lka) සිට A (lka) දක්වා ඉහළ දමමින් සෙලාන් බැංකුව විශිෂ්ට කාර්යසාධනයක් සහිත මුල්‍යමය වශයෙන් ස්ථාවර ආයතනයක් ලෙස නම්කර ඇත. Transparency Global ආයතනය විසින් ආයතනික වාර්තාකරණයේ වඩාත් විනිවිදභාවයක් හිමි ආයතන අතර සෙලාන් බැංකුව දෙවන ස්ථානයේ ලැයිස්තුගත කර ඇත. LMD මඟින්, අඛණ්ඩව 2019 සහ 2020 වසර වලදී ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික සේවා සැපයුම්කරු ලෙස සෙලාන් බැංකුව නම් කර ඇත. සෙලාන් බැංකුවේ මුල්‍ය ස්ථාවරත්වය මෙන්ම සැමවිටම විශිෂ්ටත්වය තහවුරු කිරීම සඳහා එම බැංකුව දක්වන කැපවීම ද මෙවැනි ඇගයීම්වලින් තවදුරටත් තහවුරු වේ.